*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/22

  1. නව බදු ප්‍රතිපත්තිය ජාතියේ “ගැලවුම්කරු” ලෙස ක්‍රියාකරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – වසරින් වසර විශාල වූ දැවැන්ත අයවැය හිඟය විසඳීමට වෙනත් කිසිඳු ක්‍රමවේදයක් නොමැති බව ද පවසයි – මෙවන් බදු පැනවූයේ නැතිනම්, ජනතාවට පෙර මෙන් ඉන්ධන නොමැතිව, දීර්ඝ විදුලි කප්පාදුවලට මුහුණ දෙමින් පීඩා විඳීමට සිදුවනු ඇති බව ද පවසයි.
  2. පළාත් පාලන මැතිවරණයට 2023 අයවැයෙන් වෙන්කළ මුදල නිකුත් නොකිරීමට ගත් තීරණය හරහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ ඊට වගකිව යුතු අනෙකුත් පාර්ශව ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පවසමින් සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.
  3. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය භාවිතා කරමින් පළාත් පාලන ආයතනවලට තේරී පත්වී වෙනත් පක්ෂවලට සහාය දක්වන මන්ත්‍රීවරුන් 1,137 කගේ පක්ෂ සාමාජිකත්වය අවලංගු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කරයි.
  4. පළාත් පාලන මැතිවරණය පවත්වන මෙන් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පෝස්ටර අතැතිව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විරොධතාවයක නියැලෙති – තත්ත්වය පාලනය කරගත නොහැකි තැන සභාවාරය අද දින උදෑසන 9.30 දක්වා කල් දැමීමට කතානායකවරයා කටයුතු කරයි.
  5. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව, එම අරමුදලේ අවසන් ගිවිසුම් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – ඉන් අනතුරුව දේශපාලඥයන්ට ඒ පිළිබඳ විරෝධතාවල නියැලිය හැකි අතර, අවශ්‍ය නම් ඊට විරුද්ධව ඡන්දය ද භාවිතා කළ හැකි බව පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම වෙනුවට වෙනත් විකල්ප ක්‍රමයක් පවතී නම් එය පවසන ලෙසත්, ණය ලබා ගැනීමට හෝ සහන පැකේජයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යොමුවිය හැක්කේ කුමන රට හෝ සංවිධානය වෙත ද යන්න හෙළිදරව් කරන ලෙසත් අභියෝග කරයි.
  6. ශ්‍රී දළදා වහන්සේ ගැන තමා සිදුකළ ප්‍රකාශය පිළිබඳව තමා බෞද්ධ ප්‍රජාවගෙන් සමාව අයදින බව සමාජ මාධ්‍ය ක්‍රියාකරු සේපාල් අමරසිංහ පවසයි – මෙම සමාව මත පදනම්ව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට විරුද්ධව ගොනු වී ඇති නඩුව අවසන් කරයි.
  7. උද්ධමනය ගණනය කිරීමට භාවිතා කරන ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) “යාවත්කාලීන” කිරීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු කරයි – “පාරිභෝගික භාණ්ඩවල පිරිවැය වෙනස් කිරීම පෙන්නුම් කිරීම” සඳහා මෙම සංශෝධනය සිදු කළ බව ද පවසයි – ඒ අනුව මීට ඉහත භාවිතා කළ “2013=100” දර්ශක යොමු කාලය, 2023 ජනවාරි සිට “2021=100” ලෙස සංශෝධනය වේ.
  8. ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) අනුව 2023 ජනවාරියේ උද්ධමනය, 2022 දෙසැම්බරයේ පැවති සියයට 59.2 ට සාපේක්ෂව සියයට 53.2 දක්වා සියයට 06 කින් පහත වැටෙයි – 2023 ජනවාරියේ දී ආහාර උද්ධමනය සියයට 53.6 වූ අතර, ආහාර-නොවන උද්ධමනය 52.9 කි.
  9. හිටපු බැංකුකරු ෆයිසාල් සාලි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වෙයි – පත්වීම 2023 පෙබරවාරි 20 වන දින සිට බලපැවැත්වේ.
  10. 2022 අප්‍රේල් වල නිවේදනය කළ විදෙස් ණය පැහැර හැරීම නොසළකා හැරිය ද, ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට සහ වෙනත් බහුපාර්ශ්වික ආයතනයලට 2023 පළමු මාස 06 සඳහා ඇ.ඩො. මිලියන 2,609 ක ණයක් ගෙවීමට රජයට සිදුව ඇති බවට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි – තව ද, ඇ.ඩො. මිලියන 46 ක පොලියක් ද සමඟ, ඇ.ඩො. මිලියන 709 ක ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර පියවීමට ඇති අතර, මෙය පියවීමට සිදුවන්නේ රුපියල් බැඳුම්කරවලින් බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan