නව බදු පනතට එරෙහිව අදත් කොළඹ රත්වෙයි – 01 සිට අඛණ්ඩ වැඩවර්ජනයකටත් සූදානමින් (VIDEO)

0
534

නව බදු පනතට එරෙහිව අද (22) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.

ඊට වෘත්තීයවේදීන් මෙන්ම සියලුම ක්ෂේත්‍රවල පාහේ පිරිස් එක්ව සිටි අතර මෙම විරෝධතාවන්ට රජය ඇහුම්කන් නොදෙන්නේ නම් එළඹෙන 01 වැනිදා එක් දින ඒකාබද්ධ වැඩවර්ජනයක් සිදුකරන බවත් එයත් රජය නොසලකා හරින්නේ නම් මාර්තු දෙවන සතිය වන විට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බවයි එම වෘත්තිය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේ.

එහෙයින් අනීතික,අසාධාරණ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා නොමග යවන බදු සංශෝධනය වහා හකුළා ගන්න ලෙස ඔවුන් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ