*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

බුද්ධිමගේ බුද්ධිය නවතා ගන්නට නොහැකි වූ සීආර් කණ්ඩායම පසු බසියි

ජාතික රගර් ලීගයේ පස්වන සති අන්තරය ආරම්භ කරමින් මුලින්ම තරග බිමට පිවිසුණේ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සහ සීඑච ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් ය.එහිදි රෝහිත රාජපක්ෂ දැක් වූ දස්කම් නිසා මේ දක්වා පරාජයේ අමිහිරි රස විඳිමින් සිටි සිඑච් කණ්ඩායමට මහනුවර කණ්ඩායමට පවා ප්‍රබල සටනක් දුන් නාවිකයන්ව ලකුණු 28 – 22 ලෙස පරාජය කරන්නට හැකි විය.

රෝහිත රාජපක්ෂ සිය සහෝදරයන්ද සමඟ කළකට පෙර දායකත්වය දුන් නාවික හමුදාවට තරගයේ පළමු භාගයේ විශ්වාස කළ නොහැකි අන්දමේ ප්‍රහාරයක් දියත් කරමින් සීඑච් කණ්ඩායමේ ලකුණු 28 පළමු අර්ධයේම වාර්තා කරන්නට මූලිකත්වය ගත්තේය.රෝහිත උත්සාහක දිණුමක් සමඟින් සීඑච් කණ්ඩායම ලබා ගත් උත්සාහක දිණුම් හතරටම සාර්ථක ප්‍රවර්ථන එකතු කරමින් ලකුණු 13 ක් ලබා ගත්තේය.එයට අමතරව සීඑච් කණ්ඩායමට උත්සාහක දිණුම් හරහා ලකුනු එක් කරන්නට අවන්ත ලී,ප්‍රසාත් මධුශංඛ සහ සැමුවෙල් නොසායාබා ඔග්බෙබෝර් යන ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමු අර්ධයේ සීඑච් ක්‍රීඩකයින් ලකුණු 28 ක් ලබා ගනිද්දි ලකුණු 5 ක් පමණක් ලැබූ නාවික ක්‍රීඩකයින් දෙවන අර්ධයේදී සීඑච් ක්‍රීඩකයින්ට එකඳු ලකුණක් හෝ නොලැබෙන්නට සිය ආරක්ෂාව තර කර ගත්තේ පළමු අර්ධයට වඩා හිතා ගන්නට නොහැකි තරමේ වෙනස්කමක් ප්‍රදර්ශණය කරමින්ය.ඒ නොනැවතිමෙන් නොනැවතුනු නාවිකයෝ සිය ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 17 ක් ද එක් කර ගනිමින් තරගය නිමා වන විට ලකුණු පූවරුව 28 – 22 ක් බවට පත් කළහ.

නාවික හමුදාව වෙනුවෙන් නිරෝෂ් පෙරේරා,ජනිත් ලක්සර සහ අදීශ වීරතුංග උත්සාහක දිණුම් වාර්තා කරන්නට සමත් විය.ජනිත සෙනවිරත්නට ඉන් දෙකක ප්‍රවර්ථන සාර්ථක එල්ලයේ තබන්නට හැකි විය.
කොවිඩ් තත්ත්වය නිමා වේ තරග දෙකක් පසුපසින් සිටින යුද හමුදා කණ්ඩායම නිරෝධායයෙන් පසුව ගුවන් හමුදා පිටියේදී ජාතික රගර් ලීගය වෙනුවෙන් ගුවන් හමුදා කණ්ඩායම මුණ ගැසිණි.එහිදි තරගයේ මුල් අර්ධයේ දී ගුවන් හමුදාව ලකුණු 12 – 0 ක් ලෙස පෙරමුණට පැමිණි අතර අනතුරුව දෙවන අර්ධයේදි යුද හමුදා ආරක්ෂකයෝ සිය ලකුණු සිමාව ආක්‍රමණය කරමින් ගුවන් හමුදාවට හොඳ සටනක් ලබා දෙමින් කිසිඳු ලකුණක් ලබන්නට ඉඩ ලබා නොඳුන්නේය.එහෙත් ඒ අතර ඔවුන්ට හැකි වුණේ ලකුණු 5 ක් පමණක් රැස් කර ගැනීමට බැවින් තරගයේ අවසාන තීරණය ගුවන් හමුදාවට ජය ලැබෙන ලකුණු 2 – 5 ක් විය.

ගුවන් හමුදාවේ ලකුණු 12 සඳහා රවිඳු හෙට්ටිආරච්චි සහ පරාක්‍රම රත්නායක උත්සාහක දිණුම් දෙකකින් දායක විය.ඉන් එක් උත්සාහක දිණුමක් සාර්ථකව ප්‍රවර්ථනය කරන්නට ගයන්ත ඉද්දමල්ගොඩට හැකි විය.යුද හමුදාව වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිණුම සුදාරක දික්කුඹුර විසින් වාර්තා කළේය.

අපරාජිත හැව්ලොක් කණ්ඩායම සමඟ තරගයට පිවිසි පොලිස් කණ්ඩායමට සිඳු වූයේ ලකුණු 21 – 17 ක් ලෙස පරාජය වැළඳ ගන්නට වුව ද,කලෙකට පෙර පොලිසිය සතුව තිබූ රගර් පෞරුශය මෙහිදි යම් තරමකට ප්‍රදර්ශනය කළ පොලිස් ක්‍රීඩකයො ලීග් සටහනේ අංක එකට සිටින හැව්ලොක් ක්‍රීඩකයින්ට හොඳ සටනක් ලබා දුන්හ.පළමු අර්ධයේ ලකුණු 14 – 7 ක් ලෙස ඉදිරියෙන් සිටි හැව්ලොක්ස් ක්‍රීඩකයන්ට තරගයේ දෙවන අර්ධයේදී ලකුණු 7 ක් ලබා ගනිද්දි ප්‍රතිවාදී පොලිස් කණ්ඩායමට ලකුණු 10 ක් ලබා දෙන්නට සිදු විය.

හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ උත්සාහක දිණුම් දෙකම රන්දිත වර්ණපුර ලබා ගත් අතර එහි ප්‍රවර්ථන දෙකම සාර්ථක ලෙස එල්ලය යොමු කරන්නට සුදේශ් ජයවික්‍රමට හැකි විය.එහෙත් ඔවුන්ගේ ජයග්‍රහණයේ ලකුණු හත හිමි වුණේ පොලිසිය ඔවුන්ගේ ලකුණු සීමාවේදි විනිසුරුට නිශ්චිතවම හැඟෙන උත්සාහක දිණුමක් අනිතිකව වැළක්වීමට දඩුවමක් ලෙස පොලීසියට එරෙහිව ලැබෙන නිදහස් උත්සාහක දිණුමෙන්ය.

හේෂාන් තිලකරත්න සහ රසිත් සිල්වා පොලිස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් වාර්තා කරන්නට සමත් විය.එම උත්සාහක දිණුම් දෙකේම ප්‍රවර්ථන සාර්ථක ලෙස නිමා කළ යොහාන් පීරිස් දඩුවම් පහරකින්ද පොලිසියට ලකුණු ලබා දෙන්නට දායකවිමෙන් පොලිස් ලකුණු ප්‍රමානය 17 දක්වා ඉහළ නැඟිණි.

ජාතික රගර් පාපන්දු ලීග් තරගාවලියේ අපරාජික බව රැකුණද,යුද හමුදාවේ කොවිඩ් රෝගීන් නිසා අත හරින්නට සිඳු වූ තරගය නිසා තරගයක් පසුපසින් සිටින මහනුවර කණ්ඩායම ඊයේ සිවිවැනි ජය අත් කර ගත්තේ සීආර් ඇන්ඪි එෆ්සී කණ්ඩායමට එරෙහිවය. ලකුණු 45 – 26 ක් ලෙස මහනුවර සහ සීආර් තරගයේ ජය මහනුවර කණ්ඩායමට හිමි විය.අර්ධ බෘගය නිමා වන විට ලකුණු පූවරුව දැක් වුණේ 33 – 12 ක් ලෙස ය.
එම ජයග්‍රහණය වෙනුවෙන් බුද්ධිම ජයරත්න උත්සාහක දිණුම් හතරක් ලබමින් කැපී පෙණුන අතර ඔහු ලකුනු 20 ක් මහනුවරට එකතු කර දෙද්දී ඒ හා සමානම දායකත්වයක් දැක්වූ තරින්ද රත්වත්තේ ද ලකුණු විස්සකින් සිය දායකත්වය ලබා දුන්නේය.ඒ උත්සාහක දිණුමු දෙකකින් සහ මහනුවර කණ්ඩායම මුලු තරගයේ එකතු කළ උත්සාහක දිණුම් හතෙන් පහකම ප්‍රවර්ථන සාර්ථකය එල්ලයට එල්ල කරමින්ය.ලකුණු හතළිස් පහක් වූ මහනුවර කණ්ඩායමට ඉතිරි ලකුණු පහ රැස් කර දුන්නේ ජේසන් දිසානායක උත්සාහක දිණුමක් හරහා ය.

තිසිල කරුණාතිලක, ඉමංක ආරියපාල සහ සුපුන් වර්ණකුලසූරිය ය.සීආර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් ලබා ගැනීමට සමක් විය.ඉන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කර ගන්නට මර්ෂීඩ් දොරේ සමත් වූ අතර සීආර් කණ්ඩායමේ ලකුණු තත්ත්වය 26 ක් වූයේ විනිසුරුට හැඟෙන පරිදි නිශ්චිත උත්සාහක දිණුමක් මහනුවර ක්‍රීඩකයෝ අනීතිකව වැළක්වීමට එරෙහිව සීආර් කණ්ඩායමට “නිදහස් උත්සාහක දිණුමක්” ලබා දීම නිසා හිමි වූ ලකුණු හතත් සමඟින්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan