විදුලිබල අමාත්‍යාංශ ලේකම් ඉවතට. ලන්සාගේ අමාත්‍යාංශ ලේකම් විදුලිබලයට ?

Date:

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය එම තනතුරින් ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

දිනකට පැය තුනක් දක්වා විදුලි කප්පාදුවකට යොමුවෙන තුරුම විදුලි අර්බුදය විසඳීමට ක්‍රියාමාර්ග නොගැනීම, නව බලාගාර ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයෙහිදී කාර්යක්ෂම නොවීම මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙලට අවශ්‍ය සහාය නොදැක්වීම පිළිබඳව ඒ මහත්මියට චෝදනා එල්ල වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව ඒ මහත්මිය තනතුරින් ඉවත් කළයුතු බවට බලධාරීන් අතර සාකච්ඡාවට භාජනය වී ඇති බව වාර්තා විය.

එසේම ඒ මහත්මියගෙන් පුරප්පාඩු වන තනතුර සඳහා දැනට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ඉංජිනේරු රංජිත් දිසානායක මහතාව පත්කිරීමට යෝජනා වී ඇති බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මේ වනවිට ගැටලුකාරී තත්වයක් මතු කරමින් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉවත් කරගෙන සිටින්නේ ද රංජිත් දිසානායක මහතා සමග ඇතිවූ ගැටුමක් නිසාය.

ඒ අනුව නිමල් ලන්සා අමාත්‍යවරයාගේ ගැටලුව විසඳන අතරේම සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන රංජිත් දිසානායක මහතාට ග්‍රාමීය මාර්ග රාජ්‍ය අමාත්‍යාංශයට වඩා වැඩි වගකීමක් පැවරෙන පරිදි විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීම සියල්ලන්ටම වාසිදායක තත්වයක් වශයෙන් ඉහළ බලධාරීන්ගේ සැලකිල්ලට ලක්ව ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...