කොළඹ දිස්ත්‍රික් මල්ලව පොර සංගමයේ ලේකම්ගේ ධූරයේ වගකීම් ආවරණය එහි උප ලේකම් එච්.ටී.එම්.විජයසූරියට පවරා ඇති බව එම සංගමයේ සභාපතිවරයා ජාතික සම්මේලනයට දන්වා ඇත.ලේකම් ධූරය දැරූ එච්.එම්. ලක්ෂ්මන් වෙත එල්ල වූ චෝදනා විනය කමිටුවක් මඟින් කරන ලද පරීක්ෂණයකදී සනාත වී ඇති අතර එම නිසා ඉහත තීරණයට පිවිසි බවත් කොළඹ දිස්ත්‍රික් සංගමයේ සභාපතිවරයා ජාතික සම්මේලනයට යොමු කරන ලද ලිපියේ සඳහන්ව ඇත.
හිටපු ලේකම්වරයාට භාණ්ඩාගාරිකවරයාගේ බලතල අවභාවිතා කරමින් කටයුතු කරමින් දෝශ සහගත මූල්‍ය කටයුතුවල නිරතවීම ගැන චෝදනා එල්ල වී තිබිණ.දිස්ත්‍රික් සංගම් සභාපතිවරයා දන්වා ඇත්තේ විනය කමිටුව ඉදිරියේ එම චෝදනා සනාතවීම නිසා මෙම තීරණය ගෙන ඇති බවය.
RM