සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 22 කොළඹ (LNW): මාලදිවයින සහ ශ්රී ලංකාව අතර රේගු කටයුතුවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
එම අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් තහනම් භාණ්ඩ මෙරටට ගෙන ඒම වැළැක්වීමටත් රේගුව රටවල් අතර ද්විපාර්ශික ගිවිසුම් වලට එළබීමත් හේතුවෙන් රේගු කටයුතු ශක්තිමත් වී ඇති බව ශ්රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල් පී බී එස් සී නෝනිස් මහතා කියා සිටියේය.
දෙරටේ රේගු අධ්යක්ෂ ජනරාල්වරුන් විසින් රේගු මුලස්ථානයේදි අත්සන් තැබිම සිදුකර ඇති බව සඳහන් වේ..