ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කරනවා කියා වත්මන් ජනපති එදා අපේ තාත්තාටත් චෝදනා කලා – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 කොළඹ (LNW): ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දමනවානම් එය වැරදි බවත්, ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල් දාන්න බලයක් දී නොමැති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ නාමල් රාජපක්ෂ මහතා ,

” ව්‍යවස්ථානුකූලව මේ රටේ මැතිවරණයක් පැවැත්විය යුතුයි. ව්‍යවස්තානුකූලව ඉදිරියේ දී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයයි .එම නිසා ඕනෑම දේශපාලන පක්ෂයක වගකීම තමයි ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන මැතිවරණයට සූදානම් වීම.

ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්වීමට. කවුරු කෙසේ මාධ්‍ය හරහා මොන යෝජනා කලත් අපි කලබල විය යුතු නැහැ. අපි සියළු දෙනා ව්‍යවස්ථාව විශ්වාස කරනවා. පසුගිය කාලයේ අරගල කලෙත් ව්‍යවස්ථාවට පටහැනිව ගිහින්.
අපි මේ රටේ වර්තමාන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පත් කලෙත් ව්‍යවස්ථානුකූලවයි. අපි හැමදාම ව්‍යවස්ථාව ආරක්ෂා කරපු දේශපාලන බලවේගයක්. අපි ඉදිරියේදීත් ව්‍යවස්ථාව ආාරක්ෂා කිරීමට බැදී සිටිනවා.


ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල් දාන්න බලයක් නැහැ. ව්‍යවස්ථානුකූලව මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්ට නියමිත දිනට බලය ලැබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා හැමෝම කථා වෙනවා. මට දේශපාලනය මතක කාලේ ඉදලා මම ඔය විධායක බලතල අහෝසි කිරීම ගැන අහලා තිබෙනවා.

අපේ තාත්තා ඇතුළු හැමෝම හැම මැතිවරණයකදීම ඔය ගැන පොරොන්දු දීලා තිබෙනවා. තවම ඒ පොරොන්දුව ඉෂ්ඨ වෙලා නැහැ. මැතිවරණ ක්‍රමයත් එක්ක තමයි විධායක බලතල බැදිලා තිබෙන්නේ. රටට සුදුසු ව්‍යවස්ථාවක් හදුන්වා දීමට පුලුවන් . නමුත් ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල්දාන්න උත්සහ කරනවා නම් එය වැරුදියි.

රනිල් වික්‍රමසිමංහ මහත්තයා මේ රටේ අවුරුදු 45 ක් ට වැඩි කාලයක් දේශපාලනය කරපු කෙනෙක්. එතුමාට තිබෙනන ලොකුම ආශිර්වාදය තමයි ප්‍රජාතන්ත්‍රවාදය . ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කරනවා කියා එදා එතුමා අපේ තාත්තාට පවා චෝදනා කලා”

ඔහු මෙසේ පැවසූයේ කැලණි විහාරය වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...