ආරක්ෂක ගේට්ටු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 කොළඹ (LNW): නව සේවකයින් 1200ක් බඳවා ගනිමින් දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂක ගේට්ටු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර සඳහන් කළේය.

රජයේ බහු කාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවා ගත් පුද්ගලයින් ඒ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති අතර, මුදල් අමාත්‍යාංශය සමග ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම බඳවා ගැනීම් සඳහා එකඟතාව හිමි වූ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ ය.

ආරක්ෂිත ගේට්ටු නොමැති වැඩිම හරස් මාර්ග සංඛ්‍යාවක් පවතින්නේ පුත්තලම මාර්ගයේ හා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වන අතර, මෙම ඇතැම් හරස් මාර්ග සඳහා පොලීසිය විසින් ගේට්ටු සවිකර තිබුණ ද පසුගිය දා පුත්තලම ආරච්චිකට්ටුව මයියාව දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ අනතුරෙන් පසු එම ගේට්ටු ඉවත් කර ගන්නා බව පොලීසිය දැනුම් දී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...