ඝාතන රැල්ල අස්සේ නාමල් රාජපක්ෂත් ළඟදීම අත් අඩංගුවට ගනියිද ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ පැතිරෙන ඝාතන රැල්ල සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙනවා වෙනුවට ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේ බෝලය පාස්කිරීමේ න්‍යාය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ආණ්ඩුව මේකත් පහුගිය ආණ්ඩුවටයි රාජපක්ෂවරුන්ටයි විපක්ෂයටයි චෝදනා නොකර මේක මර්දනය කරන්න විසඳුමක් ලබාදෙන්න කටයුතු කළොත් හොඳයි. බෝලෙ පාස් කිරීමේ න්‍යාය තමයි ආණ්ඩුව අනුගමනය කරන්නෙ. ඉතින් අපි දැක්කා අමාත්‍යවරයෙක් අධිකරණයෙන් එළියට බැහැලා පාර පුරා දුවනවා වාහනේ හොයාගෙන. එතනම එතුමාගේ මුහුණෙන් පෙනුනා කොතරම් බයෙන්ද එතුමා ඉන්නෙ කියලා. එතුමාත් නීතීඥවරයෙක් විදියටත් බයෙන් නම් තමන්ගෙ රියදුරා පස්සෙ දුවන්නෙ, මේ රටේ සාමාන්‍ය ජනතාවට මෙවැනි සිදුවීමක් වාර්තා වුණාම කෙතරම් කම්පනයක් ඇතිවෙනවාද කියලා අපට හිතාගන්න පුළුවන්. තව ටික දවසක් යනකොට මාව අත් අඩංගුවට ගත්තොත් පුදුම වෙන්න එපා, ගත්තෙ නැත්නම් තමයි ඔබට පුදුම වෙන්න වෙන්නෙ. මොකද ඒක පිට දාලාහරි මේක යටගහගන්න පුළුවන්. මාව අත් අඩංගුවට අරගෙන මේ ඝාතන රැල්ලේ මනස ජනතාවගෙන් අයින් කරගන්න එක විතරයි ආණ්ඩුවට තියෙන්නෙ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 22) කළුතර බෝධිය වැඳපුදා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...