පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 23, කොළඹ (LNW):

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් , පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, මේ වන විටත් ව්‍යාපාරිකයින් රැසකට එරෙහිව නඩු පවරා තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් කඩවත,කිරිබත්ගොඩ , මාවරමණ්ඩිය ,දෙල්ගොඩ, වඩුවේගම ආදී ප්‍රදේශවල වැටලීම් සිදුකළ අතර, වැඩිමිලට සහල් අලෙවි කරන්නන් මෙන්ම සහල් සඟවා තබන්නන්ට එරෙහිව දැඩි අවවාද නිකුත් කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරන්නේ, මෙම වැටලීම් අඛණ්ඩව සිදුකරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...