*
Sunday, February 23, 2025
spot_img

Latest Posts

ඉදිරි මාස තුන තුළ දියත්කරන ව්‍යාපෘති තුනකට ලෝක බැංකුවේ ආධාර

ඉසුරු පරාක්‍රම

පෙබරවාරි 23, කොළඹ (LNW): එළඹෙන මාස තුන තුළ දියත් කිරීමට බලාපොරොත්තුවන ප්‍රධාන ව්‍යාපෘති තුනකට ලෝක බැංකුවේ මූල්‍යාධාර ලැබීමට නියමිත බව වාර්තා වේ. 

මෙම ව්‍යාපෘතීන් හරහා ග්‍රාමීය සංවර්ධනය සහ අධ්‍යාපනය වෙනුවෙන් සහාය ලබා දෙන අතර, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් පෞද්ගලික ආයෝජකයන් ගෙන්වාගත හැකි පහසුකම් බිහිකිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව, මෙම ව්‍යාපෘති ත්‍රිත්ත්වය සඳහා ලෝක බැංකුව විසින් ඇ.ඩො. මිලියන 200 ක මුදලක් වෙන්කර ඇති බවයි වාර්තා වෙන්නේ. 

ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා අධාර ලබාදීම සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් පවත්වනු ලබන මධ්‍ය-කාලීන සමාලෝචනය තුළ මෙම මුදල් වෙන් කිරීම පිළිබඳ අවධානය යොමුකරනු ඇති අතර, විශේෂයෙන්ම, සංචාරක කර්මාන්තය දියුණු කිරීම, උතුරු පළාත ඇතුළු සංවර්ධනයේ මඳභාවයක් පෙන්නුම්කරන කලාප වැඩිදියුණු කිරීම, සැපයුම් අංශය වැඩිදියුණු කොට වර්ධනය සීඝ්‍රගාමී කිරීම, සේවා ලබාදීම ඉහළ නැංවීම, හා දිනෙන් දින වර්ධනය වෙමින් පවතින කම්කරු වෙළඳපොල සඳහා අවශ්‍යවන කුසලතා ශ්‍රම බලකායට ඇතුළු කිරීම මෙම ව්‍යාපෘතිවල අරමුණු වේ. 

විදේශ සෘජු ආයෝජන ඇතුළු අතිරේක පෞද්ගලික අංශයේ ආයෝජන බලමුලු ගැන්වීම මත ශ්‍රී ලංකාවේ වර්ධන අපේක්ෂාවන් රඳා පවතී. ඩිජිටල් ආර්ථිකය, සංචාරක කර්මාන්තය, සැපයුම් අංශය, කෘෂිකාර්මික වටිනාකම් දාම සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍රවල ඕනෑ තරම් අවස්ථා පවතින නමුත් මෙම විභවය සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපාරික පරිසරය තුළ තවදුරටත් වැඩිදියුණු කිරීම් අවශ්‍ය වේ.

ඒ අනුව, ඉදිරි වර්ෂයන් සඳහා ශ්‍රී ලංකාවේ ලෝක බැංකු වැඩසටහන ක්‍රියාත්මකවන ආකාරය, ශ්‍රී ලංකාව සඳහාවන ලෝක බැංකුවේ දේශීය හවුල්කාරීත්ව රාමුවේ (CPF) මධ්‍ය-කාලීන සමාලෝචනයේ දී ඉදිරිපත් කෙරෙනු ඇත. 

ඉදිරි මාස හය තුළ අවසන් කිරීමට නියමිත යාවත්කාලීන කරන ලද දේශීය හවුල්කාරීත්ව රාමුව, ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන ප්‍රමුඛතා මත ගොඩනැඟෙනු ඇත. එමෙන්ම, මෙම රාමුව, ශ්‍රී ලංකාව සහ ලෝක බැංකු සමූහය අතර පවතින අඛණ්ඩ සහයෝගීතාව සනිටුහන් කරන මාර්ග සිතියමක් ලෙස ද ක්‍රියාකරනු ඇත.

මේ සම්බන්ධයෙන් ඉකුත් දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ මැතිව් වර්ගිස් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරුන් අතර සාකච්ඡාවක් පැවැත්වී තිබේ. 

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දැක්ම, මේ වන විට සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර සහයෝගීතාව වැඩිදියුණු කළ හැකි ක්ෂේත්‍ර ආදී කරුණු වෙත එම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බව සඳහන්. 

සාකච්ඡා අතරතුර, ලෝක බැංකු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය තුළ ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළකළ අතර, ආර්ථික ප්‍රකෘතිය සඳහා ඉදිරිපත් කරන ලද 2025 අයවැයට සමඟාමීව පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත්කළ අයවැය කතාව අගය කළහ. 

තව ද, ඵලදායී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණයකළ එම නියෝජිත පිරිස බාධාවකින් තොරව අන්තර්-ආයතන සම්බන්ධීකරණය සහතික කිරීමෙහි ලා අග්‍රාමාත්‍ය කාර්යාලය සතු භාරදූර වගකීම ඉස්මතු කළහ.

රජයේ ප්‍රධාන ප්‍රමුඛතා පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත්කළ අග්‍රාමාත්‍ය ලේකම්වරයා,  2025 යෝජිත අයවැය ආර්ථික ස්ථාවරත්වය, යහපාලනය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන බව පෙන්වා දුන්නේය.

ආයෝජන ප්‍රවර්ධනය, වෙළඳාම් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීම සඳහා රජය දරන කැපවීම පෙන්වා දුන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් විසින් මුහුණ දෙනු ලබන සමාජ-ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කිරීම සහ දූෂණයට එරෙහිව ස්ථිර ස්ථාවරයක් පවත්වා ගැනීම රජයේ ප්‍රමුඛතා අතර වන බව අවධාරණය කළේ ය.

එමෙන් ම, සෞඛ්‍ය, අධ්‍යාපන සහ සංචාරක අංශවල සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ කෘෂිකාර්මික අංශය සඳහා සැපයුම් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැහැදිලි කළේ ය. 

මෙම මුලපිරීම්වලට සහාය වීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබීම පිළිබඳව ද එම හමුවේ දී සාකච්ඡාවට බඳුන් විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan