වත්මන් වෙළඳපොළ තත්ත්වය!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 23, කොළඹ (LNW):

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් විශාල වශයෙන් පහළ ගොස් තිබෙන බව ජාතික පාරිභෝගික පෙරමුණ පෙන්වා දෙයි.

රුපියල් 1,400කට පැවති හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 800 දක්වා පහත බැස තිබෙන අතර රුපියල් 1,400ක මිලක් සටහන් වූ කඩල කිලෝවක් අද රුපියල් 600 දක්වා පහත බැස ඇත.

පසුගිය වසරේ විටින් විට ඉහළ ගිය බී ලූනු එම වසරේ දී රුපියල් 800ක් දක්වා මිල ඉහළ ගිය අතර, අද වනවිට බී ලූනු කිලෝවක් රුපියල් 200ත් 220ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව උදාවී ඇත.

තිරිගු පිටි කිලෝවක් පසුගිය වසරේ දී රුපියල් 320ක් ලෙස දැක්වූ අතර අද වනවිට එහි මිල දැක්වෙන්නේ රුපියල් 165ක් ලෙසයි.පසුගිය කාලයේ රුපියල් 600ක් දක්වා ඉහළ ගිය සැමන් ටින් එකක මිල අද වනවිට රුපියල් 380ක් දක්වා පහත වැටී ඇත.

මේ අතර  බිත්තර සහ කුකුළු මස්වල මිල ගණන්ද සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බව වෙළඳුන් පවසයි.

පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයේ දී බිත්තරයක මිල පැවතුනේ රුපියල් 60ත් 65ත් අතරයි. අද වනවිට බිත්තරයක් රුපියල් 27ත් 30ත් අතර මිල දක්වා පහළ බැස ඇත.

පසුගිය වර්ෂයේ මෙම කාලයේදී කුකුළු මස් මිල ගණන් පැවතුනේ කිලෝවක මිල රුපියල් 1,600ක් ලෙසයි.අද වනවිට කුකුළු මස් කිලෝවක් රුපියල් 900ත් – 1,000ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව උදාවී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...