වත්මන් වෙළඳපොළ තත්ත්වය!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 23, කොළඹ (LNW):

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් විශාල වශයෙන් පහළ ගොස් තිබෙන බව ජාතික පාරිභෝගික පෙරමුණ පෙන්වා දෙයි.

රුපියල් 1,400කට පැවති හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 800 දක්වා පහත බැස තිබෙන අතර රුපියල් 1,400ක මිලක් සටහන් වූ කඩල කිලෝවක් අද රුපියල් 600 දක්වා පහත බැස ඇත.

පසුගිය වසරේ විටින් විට ඉහළ ගිය බී ලූනු එම වසරේ දී රුපියල් 800ක් දක්වා මිල ඉහළ ගිය අතර, අද වනවිට බී ලූනු කිලෝවක් රුපියල් 200ත් 220ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව උදාවී ඇත.

තිරිගු පිටි කිලෝවක් පසුගිය වසරේ දී රුපියල් 320ක් ලෙස දැක්වූ අතර අද වනවිට එහි මිල දැක්වෙන්නේ රුපියල් 165ක් ලෙසයි.පසුගිය කාලයේ රුපියල් 600ක් දක්වා ඉහළ ගිය සැමන් ටින් එකක මිල අද වනවිට රුපියල් 380ක් දක්වා පහත වැටී ඇත.

මේ අතර  බිත්තර සහ කුකුළු මස්වල මිල ගණන්ද සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බව වෙළඳුන් පවසයි.

පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයේ දී බිත්තරයක මිල පැවතුනේ රුපියල් 60ත් 65ත් අතරයි. අද වනවිට බිත්තරයක් රුපියල් 27ත් 30ත් අතර මිල දක්වා පහළ බැස ඇත.

පසුගිය වර්ෂයේ මෙම කාලයේදී කුකුළු මස් මිල ගණන් පැවතුනේ කිලෝවක මිල රුපියල් 1,600ක් ලෙසයි.අද වනවිට කුකුළු මස් කිලෝවක් රුපියල් 900ත් – 1,000ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව උදාවී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...