පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් – CT 100 එකකුත් හය ලක්ෂ තිස් අට දාහක් !

Date:

වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය කටයුතු කිරීමත් සමග ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම යතුරුපැදි ආනයනය කිරීම ද යළි ආරම්භ කර තිබේ.

ඒ අනුව, ඇනවුම් භාරගැනීම සඳහා ඔවුන් සිය නවතම මිල ගණන් නිවේදනය කර ඇත.

ඉන්ධන කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ජනතාව අතර ජනප්‍රිය යතුරුපැදි වර්ගයක් වන CT 100 යතුරුපැදියක නවතම මිල රුපියල් 637,950ක් වශයෙන් එහි දක්වා ඇත.

වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා යතුරුපැදි භාවිතා කරන පිරිස් ද දැක්වූයේ දැඩි උනන්දුවකි. ඔවුන් ජාතික ජන බලවේගයේ ප්‍රචාරක කටයුතු සඳහා යතුරුපැදි පෙළපාලි පවත්වනු ඒ දිනවල දක්නට ලැබිණි. දැන් ඔවුන්ට නවතම CT 100 යතුරුපැදියක් මිලදී ගෙන රුපියල් 638,000ක් ගෙවූ‍විට රුපියල් 50ක්ම ඉතුරු වශයෙන් ලබාගැනීමට ද හැකියාව ලැබී ඇත.

විශේෂයෙන්ම තරුණයින්ගේ යතුරුපැදි සිහිනය ගැන ඔවුන්ගේ මැතිවරණ වේදිකාවල කතාබහට ලක්වුණු අතර තරුණයින් අතර ජනප්‍රිය Pulsar N160 වර්ගයේ යතුරුපැදියක නව මිල රුපියල් 934,950 ක් වශයෙන් දැක්වේ.

ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාව වූයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන්නයි. යතුරුපැදිවල මේ මිල ගණන්වලින් ද පෙන්නුම් කෙරෙනුයේ ශ්‍රී ලංකාව දැනටමත් පොහොසත් රටක් වී ඇති බව විය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...