කාලගුණය වෙනස් වෙයි – වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද(24) දින රාත්‍රී කාලයේ සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දිනයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේදී වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි.

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...