ඇමරිකාවේ ආයෝජන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රතිචාර!

Date:

කොළඹ LNW:චීනය සමග ද්වි-මාර්ග ආයෝජන තවදුරටත් සීමා කිරීම කෙරෙහි අවධානය යොමු කර, ඇමරිකාවේ ආයෝජන ප්‍රතිපත්ති සකස් කරන බව නිවේදනය කරමින්, ඇමරිකාව පසුගිය 21වැනිදා “පළමුව ඇමරිකාව” නමැති ආයෝජන ප්‍රතිපත්ති සංදේශයක් නිකුත් කළේය.

චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුව අද (24) මේ සම්බන්ධයෙන් චීනයේ අදහස ප්‍රකාශ කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය අනිසි ලෙස නැවත නැවතත් පුළුල් කොට දෙරට ආර්ථික හා වෙළඳ හුවමාරුවලට අඛණ්ඩව බාධා කිරීම සම්බන්ධයෙන් චීන ව්‍යාපාරික ප්‍රජාව දැඩි විරෝධය පළ කරන බවයි එහිදී සඳහන් වුණේ.

වෙළඳපල ආර්ථිකයේ නීතිවලට සහ සාධාරණ තරඟකාරිත්වයේ මූලධර්මවලට ගරු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියේය. දෙරට ව්‍යාපාරික ප්‍රජාවන්ට අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ජයග්‍රාහී සහයෝගීතාවයක් ඇති කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා, ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රවල ජාතික ආරක්ෂක සීමාවන් පැහැදිලි කරන ලෙසත්, චීනය සහ ඇමරිකාව අතර ද්වි-මාර්ග ආයෝජන සඳහා ඇති සීමාවන් අවලංගු කරන ලෙසත්, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුව සඳහන් කළේය.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...