ගණේමුල්ල සංජීව ඝාතනය ගැන අලුත්ම වාර්තාව!

Date:

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුව අපරාධකරුවන් විසින් ඒ සඳහා සම්බන්ධ කරගෙන ඇති ආකාරය ගැන මේ වන විට අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කරන්නේ වෙඩික්කරු එම ඝාතනයට පොළඹවා ගෙන ඇත්තේ ෆේස්බුක් සාමාජ මාධ්‍ය හරහා පණිවුඩ යැවීමෙන් බවයි.

වෙඩික්කරු හිටපු හමුදා සාමාජිකයෙකු බවට අපරාධකරුවන් විසින් හඳුනා ගැනීමෙන් පසුව “ඔයාට වැඩක් නෑ නේද? ඔයා නිකන් නේද ඉන්නේ ? පොඩි වැඩක් කරමුද ?” යනුවෙන් ෆේස්බුක් හරහා පණිවුඩ යවා මෙම ඝාතනය සඳහා ඔහුව පොළඹවාගෙන ඇති බවට අනාවරණය වී ඇති බව මනතුංග මහතා පවසයි.

මනතුංග මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ජාවකට එක්වෙමිනි.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ,

“පසුගිය එවායේ අත්දැකීම් මත අපිට ඉතා පැහැදිලිව පෙනියනවා මෙම ක්‍රියාවට සම්බන්ධ වෙන බහුතරයක් සන්නද්ධ හමුදාවේ නැතිනම් පොලීසියේ සාමාජිකයින්. ඔවුන් අත්අඩංගුවට ගැනීමට තමයි අද උදේ ආරක්ෂක ලේකම්වරයා කිව්වේ. හමුදා සේවයෙන් යම් කිසි කෙනෙක් නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වන්නේ නැතිව පලා යාමක් සිදු කරනවා නම් එ්ක වරදක්. ඔවුන්ව අත්අඩංගුවට ගැනීඹට නීතියෙන් ප්‍රතිපාදන තියෙනවා. පසුගිය දිනවල ගණේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධිය ගත්තත්, ඔහු යුද හමුදාවෙන් ඉවත් වෙලා රැකියාවක් නොමැතිව ඉන්නකොට තමයි ඔහුව හරියට හඳුනාගෙන තමයි ඔහුව සම්බන්ධකර ගැනීම සඳහා අදාළ අපරාධකරුවන් උත්සාහ දරන්නේ. විශේෂයේම ඔහුව ෆේස් බුක් හරහා සම්බන්ධ කරගෙන සමයි මේ සඳහා සම්බන්ධකරගෙන තියෙන්නේ. ඔයාට වැඩක් නෑ නේද? ඔයා නිකන් නේද ඉන්නේ ? පොඩි වැඩක් කරමුද ? මොහුව ටිකෙන් ටික ටිකෙන් ටික පොළඹවලා මේ ක්‍රියාවට සම්බන්ධ කරගෙන තියෙන්නේ.” යනුවෙනි.

මේ අතර ත්‍රිවිධ හමුදාවෙන් පලාගොස් සිටින සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා මේ වන විට නියෝග කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...