කෙහෙළියගේ තහනම් වත්කම් ගැන අද ලැබුණු නියෝගය!

Date:

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තහනමට ගෙන තිබෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම්වලට අදාල මුල් ලේඛනවල සහතික පිටපත් ඔවුන් වෙත ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ රුපියල් මිලියන 97කට අධික වත්කම් අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව භාවිතය තහනම් කරමින් කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග නිකුත් කර තිබුණි.

එම වත්කම් ගිණුම්,රක්ෂණ ඔප්පු ආදිය ඇතුළත් වෙයි.

ඒ අනුව මීට අදාළව අද දින එම නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණ හමුවේ ඉල්ලීමක් කරමින් පැවසුවේ අධිකරණ නියෝග මත තහනමට ගෙන තිබෙන සිය සේවාදායකයින්ට අයත් දේපළවලට අදාළ මුල් ලේඛනබල සහතික පිටපත් තමන් වෙත ලබා දෙන ලෙසයි.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එම මුල් ලේඛනවල සහතික පිටපත් ඉල්ලුම්කරුවන්ට ලබා දෙන ලෙස නියෝග කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...