චන්දන සූරියබණ්ඩාරටත් ජනාධිපති උපදේශක තනතුරක් !

Date:

ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාර මහතාත්, ජනාධිපති මාධ්‍ය අංශයේ ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතාත් පත් කර තිබේ.

ඔවුන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගෙන ඇත.

චන්දන සූරියබණ්ඩාර මහතා සිරස මාධ්‍ය ජාලයෙහි දීර්ඝ කාලයක් සේවය කළ, දශක තුනක පමණ කාලයක මාධ්‍ය අත්දැකීම් ඇති, ප්‍රේක්ෂකයින් අතර අතිශයින්ම ජනප්‍රිය සන්නිවේදකයකු වන අතර ඔහු ලේඛකයකු ද වේ.

ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු වන අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා ජාත්‍යන්තර රොයිටර් ප්‍රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කළ අයකු වන අතර ඩිජිටල් ඡායාරූපකරණය මෙරට පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේ ඔහු විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...