පුවතේ Audio පිවිසුම වෙත;
පුවතේ Video පිවිසුම වෙත;
සටහන – පුලී
පෙබරවාරි 24, LNW (කොළඹ): වෛද්‍ය විද්‍යාව සහ මාතෘත්වය සඳහා අද්විතීය ඇස්බැන්ඳුමක් වන් මොහොතක, මියගිය පරිත්‍යාගශීලියෙකුගෙන් බද්ධ කරන ලද ගර්භාෂයක් භාවිතයෙන් එක්සත් රාජධානියේ දී පිරිමි දරුවෙකුගේ උපත සනිටුහන් වී තිබේ.
මෙම මොහොත විද්‍යාත්මක ඉදිරි ගමනක් සහ ගැඹුරු චිත්තවේගීය ජයග්‍රහණයක් ලෙස සැමරීමට කඳිම මොහොතක් වනවා නොඅනුමානය. ගර්භාෂය ආශ්‍රිත තත්වයන් හේතුවෙන් ගැබ් ගැනීමට නොහැකි ලොව පුරා සිටින කාන්තාවන්ට මෙම උපත නැවුම් බලාපොරොත්තුවක් ලබා දෙනු ඇත.
30 ගණන්වල පසුවන සහ ශක්‍ය ගර්භාෂයක් නොමැතිව උපත ලැබූ Grace Bell නමැති නව මව් පදවිය ලත් මැය පවසන්නේ දැන් සති 10 ක් වයසැති ඇගේ කුඩා පුත් “Hugo” ආශ්චර්යයක් හේතුවෙන් ඉපදුණු ළමයෙකු බවයි.
කෙන්ට්හි Bell සහ ඇගේ සහකරු Steve Powell, පරිත්‍යාගශීලියාගේ සහ ඇගේ පවුලේ අයගේ “කරුණාව සහ පරාර්ථකාමීත්වය” වෙනුවෙන් උපහාර දැක්වූ අතර, ඔවුන්ගේ ඇදහිය නොහැකි මෙම ත්‍යාගය වෙනුවෙන් ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩනයේ වෛද්‍ය කණ්ඩායම්වලට ද ස්තූති කළහ.
සම්බන්ධ වූ ශල්‍ය වෛද්‍යවරු පැවසුවේ මෙම උපත “පෙරළිකාර මොහොතක්” බවත්, මෙමඟින් ඒ හා සමාන රෝග විනිශ්චයක් ඇති තවත් බොහෝ කාන්තාවන්ට නව බලාපොරොත්තුවක් ලබා දිය හැකි බවත්ය.
‘ඇදහිය නොහැකි මිරකල් එකක්’!
Hugo, 2025 වසරේ නත්තලට පෙර බටහිර ලන්ඩනයේ ක්වීන් චාලට් සහ චෙල්සි රෝහලේ දී රාත්තල් 7 කට ආසන්න බරකින් උපත ලැබීය.
Bell ගර්භාෂයක් නොමැතිව උපත ලැබූ අතර ඇයට ඔසප් වීමක් ද සිදු නොවුනමුත්, සාමාන්‍ය ඩිම්බ කෝෂ පිහිටියාය.
එක්සත් රාජධානියේ සෑම කාන්තාවන් 5,000 කින් එක් අයෙකුට බලපාන MRKH සින්ඩ්‍රෝමය ලෙස හැඳින්වෙන්නේ අන්න එවැනි තත්ත්වයකි.
වයස අවුරුදු 16 පසුකළ Bell ට, කිසිදිනෙක ඇගේම දරුවෙකු දරා ගැනීමට නොහැකි වනු ඇතැයි ඇයට කියනු ලැබීය.
දරුවෙකු ලැබීමට නම්, යුවළට තිබූ එකම විකල්පය වූයේ ගර්භාෂ බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන් සිටීම හෝ ආදේශක ගැබ්ගැනීමේ මාර්ගයකට යාමයි.
ගර්භාෂයක් පරිත්‍යාග කර ඇති බවත් බද්ධ කිරීමක් කළ හැකි බවත් පවසමින් ඇයට දුරකථන ඇමතුමක් ලැබුණු විට, Bell සම්පූර්ණ කම්පනයකින් සහ ඇත්තෙන්ම මනා උද්යෝගිමත් බාවයකින් පසු වූ බව ඇය පැහැදිලි කළාය.
සිරස්තලවලින් ඔබ්බට, පුංචි Hugo ගේ කතාව බලාපොරොත්තුවේ බලගතු පණිවිඩයක් රැගෙන යයි. වෛද්‍ය නවෝත්පාදනය, ඔරොත්තු දීමේ හැකියාව සහ දුෂ්කර දරාගැනීමකින් පසු දොරටු විවෘත වන්නේ කෙසේදැයි එය පෙන්වයි. මෙම නව බලාපොරොත්තුව වඩාත්ම අනපේක්ෂිත සිහින පවා යම් දිනක යථාර්ථයක් විය හැකි බවට සාක්ෂියකි.



