කොළඹ LNW: රාවය පුවත්පතේ සමාරම්භක කර්තෘ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරක් ගතවීම නිමිති කරගෙන “මහජන බුද්ධිමතෙකුගේ පටිසෝතගාමී අභිචාරිකාව” යන තේමාව යටතේ ඔහුගේ මාධ්‍ය, දේශපාලන හා සමාජ මැදිහත්වීම අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් අද (24) පැවැත්විය.
කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේදී එය පැවැත්වුණු අතර දේශපාලන හා සමාජ ක්‍රියාකාරී එස්.සී.සී ඉලංගෝවන්, මාධ්‍යවේදී හනා ඊබ්‍රාහිම්, සහ අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ.ඩබ් ජනරංජන එහිදී අදහස් දක්වන ලදී.
ප්‍රධාන දෙසුම සිදුකරන ලද්දේ මහාචාර්ය රොහාන් සමරජීව විසිනි.
හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ,හිටපු කථානායක කරු ජයසූරිය ඇතුළු දේශපාලන චරිත, සමාජ ක්‍රියාකාරිකයින්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න























