*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

අපිට පේන විදිහට රනිල් ජනාධිපතිතුමා ඉන්නේ දැනුවත්ව තක්කඩි ඉලක්කයකට යන දේශපාලන ගමනක – ඩලස් අලහප්පෙරුම

ජනතා මතයට හිස නො නමමින් අනීතික තත්ත්වයන් ඇති කරමින් රාජ්‍ය සහ ජනතාව හාස්‍යයට ලක්කරමින් ජනාධිපතිවරයා අනීතික තක්කඩි දේශපාලන ඉලක්කයක් කරා ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි .
නිදහස ජනතා සන්ධානය විසින් අද (24) තුන් වෙනි පටුමග නිදහස ජනතා සභාව කාර්යාලයේ දී ,කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

“රටේ පවතින ආර්ථික දුෂ්කරතාවයන් සහ ජනතාව මුහුණ දෙන අනේක විධ දුක් කම්කටොළු ගැන අවබෝධයක් නැතිව නෙවෙයි අපි මැතිවරණ ගැන කතා කරන්නේ , මේ පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූල තත්ත්වයන් මඟ හැරීම තුළින් දරුණු අනීතික තත්වයන් මතු වෙන්න පුළුවන්, ඒකයි මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්නේ .

ඊයේ ජනාධිපතිතුමා විවිධ පක්ෂවල නායකයින්ට චෝදනා කළා මැතිවරණය කල් දාන්න කියලා රහසේ ඉල්ලීම් කළා කියලා ,අපි පැහැදිලිව කියන්න ඕන කිසිදු චකිතයකින් භීතියකින් තොරව නිදහස් ජනතා සන්ධානයේ හෝ නිදහස් ජනතා සභාව කිසිදු අවස්ථාවක කිසිම විදිහකින් ඡන්ද කල් දාන්න කියලා ඉල්ලීමක් කරලා නැහැ.. ඒක වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ හැකියි.

අපි එහෙම පහතට වැටිලා නෑ ,එහෙම දීන තත්ත්වයකට අපේ දේශපාලන ව්‍යාපාරය වැටිලා නැහැ. ඊයෙ ජනාධිපතිතුමා ගේ හැසිරීම සහ කතාව විහිළු සහගතයි .
එතුමා කියනවා මාර්තු 9 වෙනිද ඡන්දයක් නැහැ කල් දාන්න ඡන්දයකුත් නැහැ ,දිනයකුත් නැහැ කියලා .මේක මොන තරම් වැරදි සහගත කතාවක් ද ?

පසුගිය ජනවාරි 25 වැනිදා දක්වා චාල්ස් මැතිණියගේ ඉල්ලා අස්වීම දක්වාම මැතිවරණ කොමිසම ගත්තු සෑම තීන්දුවකටම සියලු සාමාජිකයන් අත්සන් කරලා තියෙනවා.

ජනවාරි 30 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා , කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල ඡන්ද විමසීම මාර්තු 9 දා පස්වරු 4 දක්වා පැවැත්වෙනවා කියලා . මේවා එතකොට බොරුද?
මෙහෙම තත්ත්වයක් තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයා විදිහට හරසුන් විහිළු සපයන ප්‍රකාශ කිරීම එතුමාට පමණක් නොවෙයි රාජ්‍යය ද හාස්‍යයට ලක් කිරීමක්,විදිහටයි අපි දකින්නේ. මේක ඉතාම බොළඳ තත්වයක් .

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ කතාව කියද්දී ඔහුගේ පිටිපස්සෙන් හිටියේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අභයවර්ධන මහත්මයා.. ඔවුන් හොදාකාරව දන්නවා ඔවුන් අලියා ලකුණ යටතේ පළාත් පාලන ආයතන කීයකට නාමයෝජනා දුන්නද කියලා…කොළඹ දිස්ත්‍රික්කය කොළඹ මහ නගර සභාවට පවා ඔවුන් නාම යෝජනා ලබා දුන්නේ අලියා ලකුණෙන් මෙහෙම තත්වයක් පවතිද්දී
මෙහෙම දැනුවත්ව මේ වගේ ප්‍රකාශ කිරීම මොන තරම් බරපතළ වරදක් ද?

අපිට පේන විදිහට රනිල් ජනාධිපතිතුමා ඉන්නේ දැනුවත්ව තක්කඩි ඉලක්කයකට යන දේශපාලන ගමනක .රට සහ ජනතාව මුලා කරමින් මේ ගමන යන්නේ .

ඊයේ වෙනකන් මැතිවරණය කල් දැමීම පිළිබඳව සමාජය විසින් විවිධ පාර්ශව වෙත චෝදනා එල්ල කළා. නමුත් ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ඒ සියලු දෙනාම චෝදනාවලින් නිදොස් කොට මේ කූට වැඩපිළිවලේ මහමොළකරු තමන් බව සමාජයටත් රටටත් ඔප්පු කළා .

අපේ රටේ ඡන්ද කල් දාපු අවස්ථා කිහිපයක් තියනවා. උදාහරණ වශයෙන් අපට දක්වන්න පුළුවන් . 2017 දී පළාත් සභා තුනයි 2018 ඉද්දි පළාත් සභා හතරයි 2019දී පළාත් සභා දෙකයි මේ දක්වා වසර හයක් පළාත් සභා ටික වහල තියෙන්නේ . මේ විදිහට පළාත් පාලන ආයතන ටිකක් නවත්තලා දාපුවාම සමස්තයම අක්‍රිය තත්ත්වයට පත්වෙනවා .ඒත් එක්කම ප්‍රජාතන්ත්‍රවාදය ට තදබල පහරක් එල්ල වෙනවා .ජනතාව ට විරෝධය දක්වන්න තියන තම මතය කියන්න තියන ආකාරය ඇහිරෙනවා. ඒක නුසුදුසු තත්වයක් .

පාර්ලිමේන්තුව එක් පුද්ගලයෙකුගේ අත්අඩංගුවට පත්ව තිබෙන බවපේනවා .
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අත්අඩංගුවට අරන් ඉන්නෙ ඔහුට ඕන විදිහට ඒක මෙහෙයවනවා .ඒක ඉතාම නුසුදුසු තත්වයක් .
ඊයේ දිනයේ දී අපි දැක්කා විධායක ජනාධිපති ක්‍රමය කොයිතරම් ඒකාධිපති ද කොයි තරම් අත්තනෝමතික ද කියන එක .
1994 ඉඳලා බලයට ආපු හැම කෙනෙක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සූදානම් වුනා. නමුත් කිසි කෙනෙක් ඒ වෙනුවෙන් කටයුතු කළේ නැහැ. දැන් යළිත් වරක් සමාජ කතිකාවක් හැදෙනවා මේ ජනාධිපති ක්‍රමය මොනතරම් අත්තනෝමතික ඒකාධිපති ද කියන්න එක පිළිබඳව .

ජනාධිපතිවරයා කියනවා ආර්ථිකය තමා බලාගන්නම් ලු, අධිකරණය මැතිවරණ බලාගනියි ලු ජනාධිපතිවරයෙකුට එහෙම කතාවක් ක්කියන්න පුළුවන්ද?

මම කරුණාවෙන් මෙහිදී කියනවා ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ආ වගන්තිය කියවලා බලන්න කියලා .

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ සල්ලි නෑ කියලා.. මං නිකමට උදාහරණයක් කියන්නම්, 2022 ජනවාරි දේශීය ආදායම් වාර්තා අනුව බදු ආදායම බිලියන 68
2023 ජනවාරි වල බදු ආදායම බිලියන 169.. රජයේ මාසික වියදම බිලියන 3600ක් ,
මැතිවරණය ට ඕන වෙන්නේ බිලියන 11ක් සරලව කිව්වොත් දවසක වියදමක් .
මම නැවත වතාවක් කියනවා මේ කරන්නේ දේශපාලන තක්කඩි කමක් කියලා අපි දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය වල දමන්න උත්සාහ කළ නායකයන්ට සහ රටවල් වලට ,ජන මතය නොසලකා ඉන්න හදපු රටවල් වලට, නායකයන්ට අත් වෙච්චි ඉරණම.
ඒ පිළිබඳව අපි ඉතා කාරුණිකව ජනාධිපතිවරයාටත් මතක් කරනවා .

ජනතාව මතවාදයට ඉඩ නොතිබුනොත් ඒකාධිපතිවාදය අනීතික තත්ත්වය මතු වීම අනිවාර්යයි. එනිසා අපි විපක්ෂය කණ්ඩායම් වලිනුත් ඉල්ලීමක් කරන්න කැමතියි මොන මත ගැටුම් තිබ්බත් අපි අත්තනෝමතික පාලනයකට උදව් කරනවා ද යන්න තේරුම් ගත යුතුයි නැවත නැවත සිතා බැලිය යුතුයි .
ඒ නිසා පොදු අරමුණක් ඇතිව ජනතා විරෝධී පාලනයකට එරෙහිව පෙළ ගැසීම වගකීමක් සේ සැලකිය යුතුයි කියල හැමෝම අවබෝධ කරගත යුතුයි”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan