*
Friday, March 29, 2024
spot_img

Latest Posts

සිමෙන්ති හිඟය අවම කිරීමට ලංවා සංස්ථා ඉදිරිපත් වෙයි

රට තුළ පවතින සිමෙන්ති හිඟය අවම කරමින් ඉදිකිරීම් කටයුතු ශක්තිමත් කිරීමට ලංවා සංස්ථා සමාගම කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව, හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක භූමි ප්‍රදේශයක පිහිටා ඇති ලංවා සංස්ථා කර්මාන්ත ශාලාව එළඹෙන මාර්තු මස මුල සිට සිය වැඩකටයුතු ආරම්භ කිරීමට සූදානම් වේ.

ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ව්‍යාපාරයක් වන ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් ලිමිටඩ් හි සම්පූර්ණ නිශ්පාදන ධාරිතාව ටොන් මිලියන 04ක් වන අතර, එහි පළමු අදියරෙන් වසරකට සිමෙන්ති ටොන් මිලියන 2.8ක් නිශ්පාදනය කෙරෙන බවට පැවසේ.

අවම නාස්තියක් සහිත යුරෝපීය යන්ත්‍රෝපකරණ සමඟ මිශ්‍ර කිරීමේ කටයුතු සිදුකරන ලංවා සංස්ථා කර්මාන්තශාලා නවීන තාක්ෂණය භාවිතය සඳහා වැඩි උනන්දුවක් දක්වයි.

නිශ්පාදන කටයුතු වල පළමු අදියර පිළිබඳ අදහස් දක්වමින් ලංවා සංස්ථා සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා ප්‍රකාශ කළේ, ගතවූ වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු මුළුමහත් ලොවක් වසංගත තත්ත්වයකින් පීඩා විඳ යළි යථා තත්ත්වයට පත්වෙන මේ මොහොතේ සිය වැඩකටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබීම පිළිබඳ තමා සතුටු වන බවයි.

ඒ අනුව එළඹෙන මාර්තු මස මුල් කාලයේ නිශ්පාදන කටයුතු ආරම්භ කළ හැකි බව ඒ මහතා සඳහන් කර සිටියේය.

එමෙන්ම මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම නිසා තාක්ෂණික දියුණුව, විදෙස් ආදායම් සහ වර්තමානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ප්‍රභල ගැටළුවක් වී තිබෙන සිමෙන්ති හිඟයට පිළියම් යෙදනු ඇති අතර, එමඟින් රටේ ආර්ථිකයට මහඟු රුකුලක් වනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.

මෙම කර්මාන්තශාලා පහසුකම් වල, නාස්තිය සහ පරිසර දූෂණය අවම කිරීම සඳහා වරාය සහ කර්මාන්තශාලාව සම්බන්ධ කරන කිලෝමීටර් 2.4 ක ආවරණ වාහක පටියක් සහිත අංගනයක් ඇතුළු නවීන තාක්ෂණික අංග රැසක් සමන්විත වන බවත්, එමඟින් සේවාවන් වල ඉහළ කාර්යක්ෂමතාවක් පවත්වා ගත හැකි බවත් ලොකුවිතාන මහතා පෙන්වා දුන්නේය.

ලංවා සංස්ථා හි නව කර්මාන්තශාලාවේ නවීනතම තාක්ෂණය භාවිතා වන අතර, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ස්ටැකර් රික්ලේමර් (Stacker Reclaimer) අංගනයක් සහ භාණ්ඩ හැසිරවීමේ පහසුව සඳහා බ්‍රිජ් ටයිප් ෂිප් අන්ලෝඩර් (Bridge Type Ship Unloader) යන්ත්‍ර දෙකක් සමන්විත වේ. එය ශ්‍රම තීව්‍රතාවයේ සිට තාක්ෂණික නැඹුරුව දක්වා සිදුවන පරිවර්තනයක් වන අතර, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන පද්ධතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව හැඳින්විය හැකිය.

ලංවා සංස්ථා හි විධායක අධ්‍යක්ෂ ධම්මික ලොකුවිතාන මහතා පැවසූ පරිදි, කර්මාන්තශාලාවේ වැඩකටයුතු ආරම්භ වූ පසු ඕර්ඩිනරි පොර්ට්ලන්ඩ් සිමෙන්ට් (Ordinary Portland Cement – OPC), පොර්ට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ට් (Portland Composite Cement – PCC) සහ බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් සිමෙන්ට් (Blended Hydraulic Cement – BHC) ඇතුළු සියළු කාණ්ඩ වල සිමෙන්ති නිශ්පාදන මාලාවක් නිපදවමින්, වරාය නගරය හා අධිවේගී මාර්ග ඇතුළු රටේ සියලුම ප්‍රධාන ඉදිකිරීම් ව්‍යාපෘතිවල අවශ්‍යතා සපුරාලීමට අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘතිය මගින් දේශීය සිමෙන්ති ඉල්ලුම සපුරාලීම හරහා දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීමටත් විශේෂයෙන්ම වත්මන් තත්ත්වය යටතේ ආනයන මත යැපීමේ බරින් දේශීය ආර්ථිකය මුදා ගැනීමටත් අපේක්ෂා කෙරේ.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan