සජබ මන්ත්‍රීවරුන් ටෝච් රැගෙන සභාගැබට. පාර්ලිමේන්තුවේ කලබැගෑනියක් (VIDEO)

දෛනිකව පැය හතර හමාර බැගින් සිදුකෙරෙන විදුලි කප්පාදුවට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (24) පාර්ලිමේන්තු සභාගර්භය තුළට විදුලි පන්දම් රැගෙන පැමිණ උද්ඝෝෂණයක් කළහ.

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් උද්ඝෝෂණයෙහි නියැළුණේ අසමත් ආණ්ඩුව ගෙදර යායුතු බව පවසමිනි.

මේ අතර විපක්ෂ මන්ත්‍රීවරුන් මෙසේ පාර්ලිමේන්තු සභාගර්භය තුළට විදුලි පන්දම් රැගෙන ඒම තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මීට විරෝධය පළ කළ අතර ඔවුන් කථානායකවරයාට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කළහ.

මේ තත්වය තුළ මඳ වේලාවකට සභාවේ කටයුතු කල්තැබීමට ද සිදුවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...