*
Wednesday, January 15, 2025
spot_img

Latest Posts

රාජ්‍ය සේවය කාර්‍යක්ෂම කරමු..

රටේ සෑම අස්සක් මුල්ලක් නෑර රටේ සියලු කටයුතු සිදුවන්නේ රාජ්‍ය සේවකයන් අතිනි. මෙම රාජ්‍ය සේවක යාන්ත්‍රණය වංචා දූෂණ වලින් තොර , තම කාර්‍ය නිසි ආකරයෙන් සිදු වේ නම් රටේ සියලු රාජ්‍ය ආයතන ඉතා කාර්‍යක්ෂම වන අතර රටේ ජනතාව වෙනුවෙන් ‍රජය මඟින් සිදුවන සියලු කටයුතු ඉතාමත් ඵලදායි සහ ජනතාව බලාපොරොත්තු වන ආකාරයෙන් සිදුවනු ඇත. එය රටක ජීවත් වන ජනතාවක් බලාපොරොත්තු වන ප්‍රධාන සාධකයකි.ලක්ෂ 18 කට අධික රාජ්‍ය සේවය කෙබඳු තත්ත්වයක පවතී ද යන්න රාජ්‍ය ආයතනයකට සේවය ලබා ගැනීමට පැමිණි විට දැක බලා ගත හැක. ඉතා සුළු පිරිසක් හැරුණු කොට බහුතරයක් ඉතාම අළස ලෙස මන්දගාමී සේවයක් ලබාදේ. කිසිදු කාර්‍යක්ෂම භාවයක් නොමැත.

ජනතාව රාජ්‍ය ආයතන සමඟ ගණුදෙනු කිරීමට දක්වන්නේද අකමැත්‍තකි. මන්ද එක් සේවයක් වෙනුවෙන් දින ගණන් කාලය නාස්ති කිරීමට සිදු වනු ඇති බැවිනි. රාජ්‍ය සේවකයන් තම රාජකාරිය නිසිලෙස කිරීමට කැමති වුවද ඔවුන් නිසි ලෙස අධීක්ෂණය නොවුන හොත් ඔවුන්ගෙන් නිසි සේවය සිදු නොවේ. ඒ ඔවුන් හුරුවී සිටින ආකාරයි. රාජ්‍ය සේවය යනු උපරිම නිදහස් තැනක් බව ජනතාව අතර මතයක්ද පවතී. එම දුර්මතය ජනතාවගේ මනසින් ඉවත් කිරීමට නම් රාජ්‍ය සේවකයන් කාර්‍යක්ෂම අයුරින් වැඩ කළ යුතුය . ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය සේවයේ උසස් නිළධාරීන් හමුවූ අවස්ථාවේ පවසා ඇත්තේ සියලුම රාජ්‍ය ආයතන වලින් ජනතාවගේ අවශ්‍ය කටයුතු මැණවින් ඉටු වනු දැකීම එතුමාගේ බලාපොරොත්තුව බවයි. ආණ්ඩුකාරවරුන් , අමාත්‍යාංශ, පළාත් හා දිස්ත්‍රික් ලේකම් වරුන්ගේ හමුවී ජනාධිපතිවරයා පවස ඇත්තේ රාජ්‍ය සේවකයන් නිසි ලෙස හසුරුවා ඔවුන්ගේ සේවය ඵලදායි ලෙස යොදවා ගැනීම ඔවුන්ගේ රාජකාරිය බවයි. ඉදිරියේ දී රාජ්‍ය ආයතන වලට ගොස් ඒ පිළිබඳව සොයා බලන බවත් එතුමා පවසයි. ජනතාවට සේවය සැපයීමේදී කාරුණික බව සහ හිඳ සේවයක් ලබා දීමට රාජ්‍ය සේවකයින් නිරන්තරයෙන් කැප විය යුතු බවද ජනාධිපතිවරයා පවසයි.ග්‍රාමීය ජනතාවගේ ගොවි ජනතාවගේ ගැටලු විසදා රටේ නීරෝගිතාවය වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ඔවුන්ව නැඹුරු කිරීමටත් , ඔවුන්ව දිරි ගැන්වීමත් අදාල බළධාරින් විසි කල යුතු බව ජනපහි පවසයි .

යල මහ කන්න දෙක හොඳින් හඳුනාගෙන අවශ්‍ය අධීක්ෂණය යටතේ නිසි කළට පොහොර ලබාදී ගොවියා දිරිමත් කළ යුතුය. මෙය දිස්ත්‍රික්ක 25 ටම අදාළ වන සේ සිදුවිය යුතු බවද ජනාධිපතිවරයා පවසයි .රාජ්‍ය සේවය ශක්තිමත් වීම තුළින් පෞද්ගලික අංශය සමග කරට කර වැඩ කිරීමටත් එයින් සියලු යහපත සිදුවන්නේ රටට සහ ජනතාවටමය. රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විශාල වැටුප් ප්‍රමාණයක් ගෙවන අතර එයද වක්‍රාකාරයෙන් බැලූ කල ජනතාවගේම මුදල් බව ඕනෑම අයෙකුට සිතෙන පොදු දෙයකි. එබැවින් ලැබෙන වැටුපට පමණක් නොව දිවිහිමියෙන් තම රාජකාරිය නිසිලෙස ඉටු කිරීමට රාජ්‍ය සේවකයින් බැඳී සිටී. එය ඉටුවන තුරු ජනාධිපතිවරයා විමසිල්ලෙන් සිටිනු ඇත. සාර්ථක කාර්‍යක්ෂම රාජ්‍ය සේවය තුළින් වැඩ කරන ලස්සන රටක් බිහිවනු ඇත. ඒ සඳහා සැවොම එක්වෙමු….!!!

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan