*
Friday, September 20, 2024
spot_img

Latest Posts

විදුලි අර්බුදයට විසඳුම

විදුලිබල සැපයුම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබේ. මේ අර්බුදය හදිසියේම ඇති වූ අර්බුදයක් නොව, කාලාන්තරයක් තිස්සේ විදුලිබල ක්ෂේත්‍රයේ අවශ්‍යතා හඳුනා නොගෙන, දේශපාලන තීරණ මත යැපෙමින් ගත් අනුවණ තීරණ නිසා අත් වූ ඉරණමක් ලෙස හැඳින් විය හැකිය. සෑම වසරකම මුල් සමයේ ජල විදුලි නිෂ්පාදනය අවම වීම සාමාන්‍ය තත්ත්වයකි.

ඒ සෑම වසරකම සාරවත් වැසි සමයක් පවතින්නේ අප්‍රේල් මාසය අවසානයේ නැත් නම් මැයි මාසයේය.සමස්ත රට ගැන නොහිතා, තම දේශපාලන ගමන ගැන පමණක් හීන දකිමින් ගත් අඥාන තීරණ නිසා, ඉදිකිරීමට යෝජිතව තිබූ සාම්පූර් බලාගාරය යහපාලන ආණ්ඩුව මඟින් ඉදි නොකිරීමට ගත් තීරණය, අප දැනට මුහුණ දී ඇති විදුලි අර්බුදයට ප්‍රධාන හේතුවකි. ඉදිකිරීමට යෝජිත සාම්පූර් බලාගාරයේ විදුලි නි‍ෂ්පාදනය මෙගාවොට් 500ක ධාරිතාවකින් යුක්තය. එය නිසි කලට ඉදි වූයේ නම්, දැනට අප මුහුණ දෙමින් සිටින විදුලි අර්බුදයට කිසිසේත්ම මුහුණ දීමට සිදු නොවේ. මහින්ද රාජපක්ෂ පාලන සමයේ නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරය ඉදි නොවූයේ නම්, මේ වන විට පැය ගණනාවක් කරුවලේ සිටීමට අපට සිදු වන බව නම් නියතය.සාම්පූර් බලාගාරය නියමිත පරිදි 2016 ඉදිකිරීම ආරම්භ කළේ නම්, 2020 වසරේ එය ජාතික විදුලිබල පද්ධතියට එක් වීමට තිබිණි.

කෙරවලපිටිය මෙගාවොට් 350ක බලාගාරය ද පසුගිය වසරේ වැඩ නිම වී, ජාතික පද්ධතියට එක් වීමට නියමිතව තිබුණත්, එය ද හේතු රාශියක් නිසා ඉදිකිරීම් ආරම්භ නොවූයේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත්ව, ඒ සඳහා පැවැති ගැටලු විසඳූ නිසා, මේ වන විට එහි ඉදිකිරීම් ආරම්භ වී තිබේ.බාධක මධ්‍යයේ වුවද 2021 වසරේදී වහල මත සවි කරන සූර්ය බලාගාරවලින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 420ක් ලබා ගැනීමට හැකි වී ඇත. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය 2030 වසරේ සියයට 70ක ඉලක්කය සපුරා ගැනීම සඳහා මේ වන විටත් සැලැසුම් සකස් කර, එම ව්‍යාපෘති දියත් කරමින් සිටියි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ගැන දක්වන දැඩි උනන්දුව තමාගේ සුඛවිහරණය සඳහා නොව, රටේ අනාගතය වෙනුවෙන් කරන දැඩි කැපවීමකි. එම නිසා, මේ ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ සිට පහළ නිලධාරියා දක්වාම දක්වන සහාය, රට වෙනුවෙන් කරන සේවයකි.

#ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan