ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
මියයන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය.
1970 වසරේ සිට මාධ්‍යකරණයේ නියැළුණු ඒ මහතා දිගු කලක් පුවත්පත් කලාවේ නිරතව සිටි අතර පසුකලෙක ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.
රූපවාහිනී මාධ්‍යවලට උදෑසන පුවත්පත් කියවීමේ වැඩසටහන් හඳුන්වාදුන් බන්දුල පද්මකුමාර මහතා ඉදිරිපත් කළ මුල් පිටුව සහ ලෝක සිතියම වැඩසටහන් අතිමහත් ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන තිබිණි.
කලක් තිස්සේ වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් සිටි ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.
RN