ලෝක වෙළඳපොලේ තෙල් මිල සීඝ්‍රයෙන් ඉහලට

Date:

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ නැගෙනහිර ඩොන්බාස් ප්‍රදේශයේ “විශේෂ හමුදා මෙහෙයුමක්” දියත් කිරීමෙන් පසු තෙල් මිල බැරලයක් ඩොලර් 100 (පවුම් 74) ඉක්මවා ඇත.

මෙය වසර හතකට වැඩි කාලයක් තුළ ජාත්‍යන්තර මිණුම් ලකුණ Brent අගය තුල බොරතෙල් බැරලයක අගයාත්මක වටිනාකම ඉහළම මට්ටමට පත් වූ අවස්තාවකි.

ආර්ථික සම්බාධක සහ රුසියානු ගෑස් නල මාර්ගයක් අවහිර කිරීමෙන් පසු මෙම සතිය මුලදී මිල ඉහල ගියේය.

සෞදි අරාබියට පසු දෙවන විශාලතම බොරතෙල් අපනයනකරු රුසියාවයි.ඔවුන් ලෝකයේ විශාලතම ස්වභාවික ගෑස් අපනයනකරු ද වේ.

ප්‍රධාන සැපයුම් මූලාශ්‍රය වන Nord Stream 2 ගෑස් නල මාර්ගය ඉලක්ක කර ගනිමින් රුසියාවට එ.ජ. සම්බාධක පැනවීම හේතුවෙන් ආයෝජනය අතර දැඩි තරඟාකාරිත්වයක් නිර්මාණය වි තිබේ.

Nord Stream 2 යනු බෝල්ටික් මුහුදට යටින් කිලෝමීටර් 1200 ක නල මාර්ගයක් වන අතර එය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් අසල රුසියානු වෙරළේ සිට ජර්මනියේ ලුබ්මින් දක්වා ගෑස් රැගෙන යයි.

ජර්මනිය දැන් මෙය අත්හිටුවා ඇත.රුසියාව මේ වන විට යුක්රේනයේ හමුදා මෙහෙයුමක් දියත් කර තිබේ.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔවුන්ගේ සමහර මිත්‍ර රටවල් ද යුක්රේනයට එරෙහිව පුටින්ගේ ක්‍රියාවන්ට ප්‍රතිචාර වශයෙන් රුසියාවට සම්බාධක මාලාවක් පනවා ඇත.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...