සංක්‍රමණික අර්බුදයෙන් මෙක්සිකෝවේ ගැටුම්

Date:

මෙක්සිකෝවේ දකුණු දේශසීමාවේ ටපචුලා නගරයේ සංක්‍රමණිකයන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.

මෙක්සිකෝවේ ජාතික සංක්‍රමණ ආයතනය (Mexico’s National Migration Institute -INM) ප්‍රකාශ කළේ ප්‍රධාන වශයෙන් කියුබාව, හයිටි සහ අප්‍රිකාවේ රටවල් වලින් සංක්‍රමණිකයන් 100 ක් පමණ මෙම ප්‍රචණ්ඩ විරෝධතාවලට එක් වූ බවයි.

INM ආයතනය පැවසුවේ සංක්‍රමණිකයන් උතුරු දෙසට ගමන් කිරීමට අවසර දීමේ , බලපත්‍ර පෝලිම තුල නොසන්සුන් තාවයක් ඇති කර ඇති බවයි.

සෑම වසරකම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙක්සිකෝව හරහා එක්සත් ජනපදය බලා පිටත්ව යති.

ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින්ට මෙම සංක්‍රමණිකයන් ගල් හා පොලු ප්‍රහාර එල්ල කළ අතර දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් ද ඇති වී තිබේ.

මෙම සංක්‍රමනිකයන් මෙක්සිකොවේ බලදාරින් හමුවීමට විවිධ අවස්තාවල උත්සහ කරන්නට විය.

මින් බොහෝ දෙනෙකුට එක්සත් ජනපදයට පැමිණීමට අවශ්‍ය වන අතර රඳවා තබා නොගෙන මෙක්සිකෝව හරහා යාමට ඉඩ සලසන නෛතික වලංගුතාවය අපෙක්ෂාවෙන් පසුවන අතර තවත් සමහරු මෙක්සිකෝවේම රැඳී සිටීමට සරණාගත හෝ සරණාගත තත්ත්වයන් යටතේ අයදුම් කරයි.

නිල දත්ත වලට අනුව මෙක්සිකෝවේ සරණාගතභාවය ඉල්ලා සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2019 සහ 2021 අතර කාලය තුල දෙගුණයකින් වැඩි වී ඇත.

පසුගිය සතියේ, නගරයේ සංක්‍රමණිකයින් පිරිසක් තම ඉල්ලීම් ක්‍රියාත්මක වන මෙම මන්දගාමී ස්වාභාවයට සිය විරෝධය පළ කරන්නට විය.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...