පළාත් සභා පැරණි ක්‍රමයටම – පාර්ලිමේන්තු විශේෂ කාර සභාව තීරණය කරයි

Date:

මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මැතිවරණවලට අදාල තීන්දු කිහිපයක් ගෙන තිබෙනවා. අදාල තීන්දු ඇතුළත් වාර්තාවක් කෙටුම්පත් කිරීමට තීරණය කර ඇති බවයි එහි සභාපති, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ.

ඒ අනුව පළාත් සභා සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන තෙක් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සුදුසු බව නිර්දේශ කර ඇති අතර එකී නිර්දේශය අදාල වාර්තාවට ඇතුළත් වනු ඇත.

මීට අමතරව පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ මිශ්‍ර ක්‍රමයක් යටතේ පැවැත්වීමට නිර්දේශ කර තිබෙනවා. නව මැතිවරණ නීති සම්පාදනයේදී කේවළ ක්‍රමයට 60% ක් සහ අනුපාත ක්‍රමයට 40% ක් තෝරා ගැනෙන පරිදි දිස්ත්‍රික්ක තුළ සීමා නිර්ණය කිරීමට නිර්දේශ සකස් කරනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ප්‍රමාණය කිසිසේත්ම 225 නොඉක්මවිය යුතු බව කාරක සභාවේ අදහස වන අතර ඊට සියලු සාමාජිකයන් එකඟ වී තිබෙනවා.

දැනට ක්‍රියාත්මක පළාත් පාලන මැතිවරණ නීති සඳහාද සංශෝධන සිදු කිරීමට නියමිතය. ඒ අනුව පළාත් පාලන ආයතනවල බහුතර ස්ථාවරභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ජයග්‍රාහී පක්ෂයට තවත් අතිරේක මන්ත්‍රී ධුර 02 ක් හිමිවන පරිදි සංශෝධන සිදුකළ යුතු බවට කාරක සභාව නිර්දේශ කරයි.

පළාත් පාලන මැතිවරණ සඳහා පමණක් දැනට ක්‍රියාත්මක කාන්තා නියෝජනය 25% ක් අනිවාර් කිරීම සෙසු මැතිවරණවලදීද ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර තිබෙනවා. තරුණ නියෝජනය අනිවාර් කිරීමද නව නිර්දේශවලට ඇතුළත් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...