චොකා මල්ලිගේ අභියාචනයේ තීන්දුව මාර්තු 31 වැනිදා

Date:

රත්නපුර මහාධිකරණය මගින් තමන්ට නියම කළ මරණ දඬුවම අත්හිටුවා තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු විසින් ගොනුකර ඇති අභියාචනා පෙත්සම් විභාගයේ තීන්දුව ලබන මාර්තු 31 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අභියාචනාධිකරණය අද මේ බව දැනුම් දී තිබෙනවා.

2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්ත ප්‍රදේශයේ පැවති, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට පහර දී පුද්ගයෙකු ඝාතනය කර තවත් අට දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට වැරදිකරුවන් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණ මරණ දඬුවම නියම කළේය.

තමන්ට ලැබුණු තීන්දුව අභියෝගයට ලක් කරමින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට කටයුතු කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...