වනිඳු දෙපැත්තකින් උඩ යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 24 කොළඹ (LNW): නවතම ජගත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා වනිඳු හසරංග විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලදී පන්දු යවන්නෙක් වශයෙන් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ද ඉදිරියට පැමිණිමට සමත්ව සිටිනවා.පන්දු යවන්නෙක් ලෙස තෙවන තැන සිටි වනිඳු දෙවන තැන සිටි මහේෂ් තීක්ෂණ අභිබවා දෙවන තැනට පැමිණ තිබෙනවා.තීක්ෂණ තෙවන තැන පසු වෙනවා.වනිඳු වඩාත් කැපී පෙනෙන ඉදිරියක් පෙන්වා ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසයි.ඔහු නවවන තැන සිට ස්ථාන 7 ක් ඉදිරියට පැමිණ දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.


පැතුම් නිශ්ශංක ද ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගවලදී වාර්තා කරල ලද ද්විත්ව ශතකය සහ එක්දින ශතකය සමඟ මේ දක්වා සිට 18 වන තැනින් 11 වන තැනට ඉහළ ගොස් තිබෙනවා.මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම්වල හත්වන තැන සිටින ශ්‍රී ලංකාව ටෙස්ට් සහ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 8 වන තැන පසු වෙනවා.


නවතම ශ්‍රේණිගත කිරිම්වලට අනුව කාන්තා එක්දින කණ්ඩායම අටවන තැන පසුවන අතර විස්සයි විස්ස තරගවලදී හත්වන තැන පසුවෙනවා.චමරි අතපත්තු එක්දින පිතිකාරිණියන් අතර දෙවන තැනත්,විස්සයි විස්ස පිතිකාරිනියන් අතර හත්වන තැනත් පසු වෙනවා.හර්ෂිතා මාධවී මෑත ඉදිහාසයේ වැඩි අවස්ථාවක් පිතිකාරිණියක ලෙස සාර්ථක වූ ක්‍රීඩිකාව ලෙස හැඳින්විය හැකි අතර විස්සයි විස්ස තරග අංශයේදී ඇය 18 වැන්නිය ලෙස සිටින අතර එක්දින තරගවලදී 47 වන තැන සිටිනවා.
පන්දු යවන්නියන් අතර එක්දින තරගවල 17 වන තැන සිටින ඉනෝකා රණවීර විස්සයි විස්ස තරගවලදී 7 වන තැන පසු වෙනවා.චමරි අතපත්තු තුන් ඉරියව් දස්කම්වලදී ද ජාත්‍යන්තර මට්ටමේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාව වන අතර ඇය විස්සයි විස්ස තරග අංශයේ 8 වන තැනත්,එක්දින තරග අංශයේ 12 වන තැනත් පසු වෙනවා.ඉදිරියට පැමිණෙමින් තිබෙන තුන් ඉරියව් ක්‍රීඩිකාව වන කවීශා දිලහාරි එක්දින පිටියේ 35 වන තැන සහ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමවල 43 වන තැනට පැමිණ සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?

හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...

Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...

අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්

කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම...