හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට හේතුව ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW):සනත් නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති බැවින්, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයට හේතුව මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමේ හැකියාවක් නැති බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා පවසා ඇත,

සනත් නිශාන්ත මහතාගේ මරණයට හේතුව ප්‍රකාශයට පත් කරන්නැයි මෙම මරණය සම්බන්ධයෙන් ගොණු කළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සනත් නිශාන්ත මහතාගේ බිරිඳගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා ප්‍රකාශ කර ඇත.

මහේස්ත්‍රාත්වරයා  එහිදී කියා සිටියේ, පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙතෙක් අධිකරණයට යොමු කර නැති බැවින්, මෙම මරණයට හේතුව මෙම අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමේ හැකියාවක් නැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...