ගණේමුල්ල සංජීව ඝාතනය ගැන ගම්මන්පිලගේ සැකය – චෝදනාව වැඩබලන පොල්ස්පති දෙසට!

Date:

කොළඹ LNW:ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට වැඩබලන පොලිස්පතිවරයාගේ සම්බන්ධයක් ඇත්ද යන සාධාරණ සැකයක් මතුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ගම්මන්පිල මහතා පවසන්නේ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බවට තොරතුරු ලැබී තිබියදී ඒ ගැන කිසිදු පූර්ව පියවරක් ගෙන නොමැති බවක් පෙනෙන්නට ඇති බවයි.

”ගණේමුල්ල සංජිවට වෙඩි තැබූ සතියට කලින් සතියේ ගම්පහ අධිකරණයට ගෙන එන අවස්ථාවේ ඔහුට වෙඩි තැබීමේ සූදානමක් තිබෙන බවට තමන්ට තොරතුරු ලැබුණු නිසා තමන් ගම්පහ අධිකරණයට ගෙන එන එක නතර කරලා ඒ වෙනුවට සූම් තාක්ෂණය ඔස්සේ නැත්නම් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතුවලට අවස්ථාව සැලසුවා කියල මාධ්‍ය හමුවක් පවත්වල පොලිස්පතිතුමා ප්‍රකාශ කරන්න යෙදුණා. දැන් කවුරු හරි ගනේමුල්ල සංජිවට ගම්පහ අධිකරණයේදී වෙඩි තබන්න හිටියා නම් ඒ ගම්පහ උසවියත් එක්ක තියෙන තරහකට නෙවෙයි සංජිවත් එක්ක තිබෙන තරහකට. එහෙමනම් ගම්පහ උසාවියේ තිබුණ ඒ අවස්ථාව පොලීසිය නැති කළා නම් අනිවාර්යයෙන්ම කොළඹ රැගෙන එන ඊළඟ අවස්ථාවේ වෙඩි තියන්න කටයුතු කරනවාය කියන එක තේරුම් ගන්න මහා බුද්ධියක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් තොරතුරු ලැබුණු පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගෙන කොළඹදී ගණේමුල්ල සංජීව ඝාතනය වෙන්න ඉඩ ඇරලා බලාගෙන ඉඳල තියෙනවා. එහෙමනම් පොලිස්පතිවරයාට ගම්පහ උසාවියේදී ව්‍යර්ථ වුණාම කොළඹදී උත්සාහය දරාවි කියන එක සිතාගන්න බැරි වෙන්න විදිහක් නැහැ. මොකද ඒ සූදානම කළ අය අත්අඩංගුවට ගන්නතුරුම ඒ අවදානම ඒ විදිහට තියෙනවා. එමනිසා ගණේමුල්ල සංජීව ඝාතනට වැඩබලන පොලිස්පතිවරයා සම්බන්ධයි කියන සාධාරණ සැකය අපිට ඇතිවෙනවා. ඇත්තෙන්ම සංජීව ඝාතනය පිළිබඳ තොරතුරු සියල්ල කලින් ලැබී ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගැනීම පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයා ප්‍රශ්න කළ යුතුයි” යනුවෙන් ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...