අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය CID යයි: ස්මාර්ට් යූත් වංචාව පිළිබද විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි.

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 25, කොළඹ (LNW):

පසුගිය දා මේ රටේ සිදුවු තවත් මහාපරිමාණ මුදල් වංචාවක් හෙළිවුණු අතර, ඒ කෝප් කමිටුවේ දී සිදු කළ අනාවරණයකින් පසුවයි.

මේ අනුව, මෙම මහජන මුදල් මහ දවල් කොල්ලකෑමට හා සමාන මුදල් නාස්තියක් වන ස්මාර්ට් යූත් වෙනුවෙන් ගෙවනු ලැබු මිලියන 500කට අධික මුදලක් පිළිබද කෝප් කමිටුවේ සභාපතිවරයා දිගින් දිගටම තරුණ සේවා සභාවේ නිලධාරීන්ගෙන් දින දෙකක් පුරා ප්‍රශ්න කිරීම්ද සිදුවිය.

ඒ අනුව, අද (25)දින අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය විසින්, එම කෝප් කමිටුව විසින් අනාවරණය කර ගත් කරුණු පදනම් කරගෙන ස්මාර්ට් යූත් වංචාව පිළිබද විධිමත් පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්මාරියේ තිබුන මගේ බැංකු පොත කෝ …?

තාත්තාට දෙවුදත්ව වැහිලා බුදුන්ගෙන් පළිගන්න හවසටචීත්තේට මන් තුරුල් කරගෙන...

වම්මුන්ගේ පැලැස්තර : “වාම රාජ්‍ය” ෆැන්ටසියක්ද, යථාර්ථයක්ද ?

ඕනෑම මිනිස් සමාජයක් තුල ස්වභාවිකවම පිළිසිඳගන්න අනිවාර්ය මනෝව්‍යාධීන් කිහිපයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...