සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 25,(LNW)කොළඹ :
අද ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් කේෂ්ත්‍රයට අතිශයින් වැදගත් දවසක්.අද ආරම්භ වූ HUNDRED Sri Lanka International Challenge 2025 තරගාවලිය අවසන් වන්නෙ මාර්තු මස 2 වන දා.ඉන් අනතුරුව ඇරඹෙන HUNDRED Sri Lanka International Series 2025 තරගාවලිය නිමාවට පත්වන්නෙ මාර්තු 7 වන දා.මේ තරගාවලියෙ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වේද කියන කාරණය පසෙකින් තැබූ විට වැදගත්ම කාරණය වන්නෙ ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම පාහේ නියෝජනය කරන බැඩිමින්ටන් දක්ෂයන්ට ජාත්‍යන්තර තරගාවලියක අත්දැකීම විඳින්න ලැබීමයි.විශාල වියදමක් දරාගෙන විදේශයකට ගොස් තරග අත්දැකීමක් ගන්න වෙන දේශිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදීමෙන් මෙන්ම තරග වඳින ආකාරය නරඹමින් ද ගන්න අත්දැකීම් ඉතාමත් වැදගත් බව අමුතුවෙන් නොකිව යුතුයි.
එසේම මේ තරගාවලියට එන විදේශිය ක්‍රීඩකයින් හාරසිය ගණනක පිරිස මේ වන තුරුත් ශ්‍රී ලංකාවේ නවාතැන් පහසුකම් වලින් විශාල ඩොලර් ගණනක් වැය කර අවසන්.තරු පංති හෝටල් කාමර සියයකට වැඩි ගණනක් මේ වන විටත් වෙන් වී තිබෙනවා.එසේම එම ක්‍රීඩකයින් වෙනුවෙන් දේශිය සංචාර සඳහා මැදිහත් වී ඇති සංචාරක කේෂ්ත්‍රයේ ආයතන සහ පිරිස හරහාත් ලංකාවට තවත් ආදායමක් හිමි වෙනවා.
ක්‍රීඩා ආර්ථිකයක් සහ ක්‍රීඩාවෙන් සංචාරකමය වශයෙන් ආදායමක් උපයා ගැනීම ඉලක්ක කරගෙන සිටින රටක් කරන ආණ්ඩුවකට මේ අවස්ථාව දෝතින්ම වැළඳ සිපගන්නට කාරණයක් වුවත්,මේ තරගාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ආයතනවල නිලධාරීන් අච්චු ගහපු කොළවල තියෙන තීරණවලින් මෙහාට ඇවිත් එහි ජාතික සහ ජාත්‍යන්තර වටිනාකම නොබැලූ නිසා සිඳු වී තිබෙන්නේ කොළඹ සුගතදාසය ඉලක්ක කරගෙන සංවිධානය වූ ක්‍රීඩා තරගාවලිය එයින් පිටතට ඇදී ඒමයි.
වඩා ප්‍රායෝගික සහ අත්දැකීම් සහිත අවස්ථානෝචිතව තීරණ ගැනීම හෝ ඒ සඳහා ඉහළින්ම සිටින අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් වැදගත්කම සළකා උපදෙස් ගැනීම වෙනුවට සුගතදාසය ක්‍රියා කරන්නේ කළ දුටු කළ වල ඉහ ගැනීමේ උවමනාව පෙරදැරිවයි.සාමාන්‍ය පරිදි දෛනික ගාස්තුව වන රුපියල් 1,50000 මුදල ද අඩු කිරීමට ඉල්ලා බැඩිමින්ටන් සංගමය අමාත්‍යවරයාටම ලිපියක් යොමු කර තිබියදී,සුගතදාසය කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් නිසා එහි දෛනික මිලද රුපියල් ලක්ෂ පහ දක්වා ඉහළ දැමීමයි.
මේ රටේ ජාතික ක්‍රීඩා සම්මේලනයක් ආධාර පත්‍රයක් සේ අමාත්‍යංශය දෙසට හැරුණු පිං කැටයක් සේ කටයුතු නොකර අවශ්‍යය අනුග්‍රාහකත්වය සොයා ගෙන රටේ බැඩිම්න්ටන් ක්‍රීඩාවට දෙස් විදෙස් වූ උත්තේජනයන් රැසක් හිමි වන සහ රටට විවිධ අයුරින් කීර්තිය සහ පැසසුම් සමග ඇගයීම් ලැබෙන ක්‍රීඩා උළෙලකදී රජය විසින් ඊට ලබා දිය යුතු වාරුව ලබා දෙන ආකාරයයි.
ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවන විටත් එම දෙදෙනාම මේ තත්ත්වය දැන උන්නේ නැත.ක්‍රීඩා අමාත්‍යවරයා බැඩිමින්ටන් නිලධාරීන් මුණ ගැසෙන්නට ගිය ද,මේ පිළිබඳව ඇති කාලීනත්වය සහ වැදගත්කම ගැන දන්න කෙනෙක් ඔවුන්ව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර නැත.පැය ගණනක් රස්තියාදු වී පැමිණ ඇත.එසේම සුගතදාස ක්‍රීඩාංගණයේ තත්ත්වය ප්‍රතිපත්තිමය තීරණවලට එළැඹීමට නායකත්වය දෙන මහජන නියෝජිතයින් සේ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා දැන නොසිටිය ද,සුගතදාස පාලකයින් මිලත් වැඩි කර එය නොදෙන්නේනම් සහනයක් ලෙස වෙන් කිරීම සඳහා බඳින ලද මුදල සහනයක් ලෙස ආපසු ලබා දීමට තීරණය කර අවසන්ය.
ඊයේ මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ ද අමාත්‍යවරයා වෙතම ගොඩ ගැහෙන ප්‍රශ්න ඉන් මෙපිට තීරණය කිරීමට අවශ්‍යය වැදගත් නොවැදගත් බව තීරණය කළ හැකි කමිටුවක් හෝ සිටිය යුතු බවය.එසේ නොවන්නේනම් එකිනෙකාගේ සැඟවුණ ඇජෙන්ඩා සමඟ ඇති අය ද ජාතික ක්‍රීඩා සභාව වැනි තැනෙකට පත් විය හැකි බැවින් එම ජාතික ක්‍රීඩා සභාවේ කාර්යය සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව වැනි ව්‍යහුයක් සකසා එයට පැවරීම වැදගත් බවය.එවිට රටේ ක්‍රිකට් හැරෙන්නට තවත් ක්‍රීඩා ඇති බවත්,ඒවායේ ක්‍රියාකාරීත්වය කවරේද යන්නත් මහජන නියෝජිතනේට දැන ගන්නට සහ අවධානය යොමු කරන්නට පාරක් ද සැකසෙනු ඇත.
රටකට පැමිණි සෑම අතින්ම දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් වටිනා ක්‍රීඩා ඉසව්වකට අනුග්‍රහය දීම වෙනුවට,සහන සැළසීම වෙනුවට එම තරගාවලිය ගෙනා සංවිධායකයින් සූරා කෑමේ උත්සාහයක් සේ පෙනෙන මිල ගණන් ඉදිරිපත් කරමින් සිය ජාතික වටිනාකම සුගතදාස ක්‍රීඩාංගණය පැහැර හැර ඇත්තේ අඩුම තරමේ අමාත්‍යවරයාට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාටවත් නොදන්වාය.එසේ නොවුණානම් රටේ රජය සතු ප්‍රධානම ක්‍රීඩා බිම ලෝකවාසී බැඩ්මින්ටන් දක්ෂයන්ගෙන් පිරී යනු ඇත.ආයතනයේ සේවකයන්ගෙ දීමනාවලට ද යම් වටිනාකමක් එකතු වෙනු ඇත.එහෙත් තමන් සතු චක්‍රලේඛයෙන් බලධාරීන් කර ඇත්තේ රටටත් ක්‍රීඩාවටත් විශාල හානියකි.අපකීර්තියකි.
එහිදී මේ රට වෙත ලඟා වූ අපූරු කීර්තිමත් මොහොත අපකීර්තිය සමඟ ආපසු හැරි යාම වැළක්වීමට කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ඉඩ හසර වෙන් කළ එහි පාළකාධිකාරයට බෙහෙවින්ම ගෞරවයෙන් ස්තූතිය පුද කළ යුතුය.පාසල් වේලාව කළමණාකරණය කර ගනිමින් නෙළුම් පොකුණ කෙළවරෙන් බේරේ වැව් සුළඟ සමඟ ඇවිද යන්නට ඉඩ සකසා ඇත.මෙහිදී ශාන්ත ජෝෂප් පරිපාලනය කරන ලද දායකත්වය අමිලය.ඒ තරමට ආදරණීය ද වන්නේය.මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරු දෙපළ ක්‍රීඩාවේ නාමයෙන් බැඩිමින්ටන් පරිපාලනයට සොරි යන වචනය හෝ කියන ගමන්ම රටේ කීර්තියට වන්නට ගිය බරපතල හානිය වළක්වා එය රට තුළ පැවත්වීමට අවශ්‍යය පහසුකම් සැපය ශාන්ත ජෝෂප් විද්‍යාලයට තැන්ක් යූ කියන්නටද මැලි නොවිය යුතුය.ඊට අමතරව අමාත්‍ය දෙපළට හෝ නොදන්වා මුග්ධ සහ උද්ධච්ඡ ලෙස හැසිරෙමින් රට අපකීර්තියට පත්වන ආකාරයෙන් හැසිරෙමින්,පවතින ආර්ථීක ශක්තිය ගැන සිතා දිය යුතු දිරිය සවිය නොසළකා හැරිය නිලධාරීන්ට එරෙහිව,ක්‍රිඩා කරගාවලිය අහිමි වී යාහැකි තත්ත්වයට රටත් ක්‍රීඩාවත් පත් කළ නිලධාරීන්ට ද අඩුම තරමේ නිදහසට කරුණු විමසා ලිපියක් හෝ ලිවිය යුතුය.
ක්‍රීඩාව වෙනුවෙන් කරන කැපවීම මෙන්ම උනන්දුව මත ද අසීරුතා ජය ගනිමින් සහ පසෙකට කරමින් ඉදිරියට ඇඳෙන මෙම බැඩිමින්ටන් තරගාවලියේ පළමු දවසේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දක්වා ඇත.






