සලේ ඇතුළට යද්දී ඉන්දියානු මහකොමසාරිස් රනිල් හමුවුණේ ඇයි ?

මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව හමුවී තිබේ.

අද (25) පෙරවරුවේ කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී මෙම හමුව සිදුවී ඇති අතර ඔවුන් දෙදෙනා පැයකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කර ඇති බව සඳහන්.

එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යයට කිසිදු විස්තරාත්මක තොරතුරක් කිසිදු පාර්ශ්වයක් විසින් නිකුත් කර නොමැති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් මෙරට ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ X පණිවිඩයකින් දැක්වෙන්නේ මහකොමසාරිස්වරයා සහ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික පරිණාමන තත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වූ බවත් දෙරටටම සහ කලාපයටම වාසි අත්වන පරිදි ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගීතාව තවදුරටත් ගැඹුරට වර්ධනය කරගැනීමේ අවස්ථා ගැන අදහස් හුවමාරු කරගත් බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...