*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/25

  1. පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වන පවත්වන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි – එය පවත්වන නව දිනය මාර්තු 03 වන දින ප්‍රකාශයට පත් කරන බව ද පවසයි.
  2. ඕනෑම ස්වෛරී ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ වැඩපිළිවෙලකට අදාළව, සිය “ජ්‍යෙෂ්ඨ ණයහිමිභාවය” භුක්ති විඳින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ආදී ආයතන ද අනෙකුත් ද්වීපාර්ශ්වික සහ වාණිජ ණයහිමියන් මෙන් තම ණය ප්‍රතිව්‍යූහගත කළ යුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසයි – කොවිඩ් වසංගතය මධ්‍යයේ, සියලු නැඟී එන රාජ්‍යවලින් “ජ්‍යෙෂ්ඨ ණයහිමියන්ට” ලැබීමට නියමිත ණය සඳහා ණය සහන කාලයක් ලබා දෙන මෙන් තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ කලමනාකාරීත්වයෙන් ඉල්ලා සිටියේ 2020 මාර්තුහි දී බව ද පවසයි – අවාසනාවකට එවන් දෙයක් සිදු නොවූ බව ද පවසයි.
  3. ණය සහ අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් අද දින මුදල් අමාත්‍යංශ නිලධාරීන් චීනය සහ එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි – ශ්‍රී ලංකාව වැනි අඩු සහ මධ්‍යම-ආදායම් ලබන රටවලට ණය සහන ලබා දීම සම්බන්ධයෙන් චීනය දරන ස්ථාවරය පිළිබඳව එක්සත් ජනපදය විසින් පිට පිට විවේචනය කර තිබිණි – මේ අතර, ණය බරින් පීඩා විඳින රටවලට එකඳු සහනයක් හෝ ලබා දීමට එක්සත් ජනපදයේ පිටුබලය ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහා ලෝක බැංකුව වැනි “ජ්‍යෙෂ්ඨ ණයහිමියන්” මැලිවන බව ද වාර්තා වේ.
  4. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පත්වෙයි.
  5. අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලුවීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 63 දෙනෙකු පෙබරවාරි 26 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
  6. මහ බැංකුව විසින් නව පනතක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ – නව පනත හරහා මහ බැංකුවට “පරිපාලනමය සහ මූල්‍යමය ස්වාධීනත්වය” හිමිවීමට නියමිත අතර, මහ බැංකු අධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතු සහ ආර්ථික විද්‍යාව, බැංකුකරණය, මූල්‍යකරණය, ගිණුම්කරණය සහ විගණනය, සහ නීතිය හෝ අවදානම් කලමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයන් සය දෙනෙකුගෙන් සමන්විත “පරිපාලන මණ්ඩලයක්” ස්ථාපිත කිරීම සඳහා මෙම පනත ප්‍රකාශයට පත් කර තිබේ.
  7. ශ්‍රී ලංකාව වසර පුරා සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශයට පත් කර තිබේ – දිනකට ඇ.ඩො. 500 බැගින් වියදම් කරන සංචාරකයන් ඇතුළු සංචාරකයන් මිලියන 02 කට අධික සංඛ්‍යාවක් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙලක් පිළිබඳව ද කරුණු දක්වයි – මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කළ අතර, එම වැඩපිළිවෙල සඳහා වඩාත් හොඳ සහ ධනාත්මක ප්‍රසිද්ධියක් ලබා දීම වැදගත් බව ද අවධාරණය කරයි.
  8. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් “දේශපාලනික නීතීඥයකු” බැවින්, පළාත් පාලන මැතිවරණයට අදාළ නඩු කටයුතු වලදී ඔහු මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී නොසිටිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
  9. “බංකොලොත් රාජ්‍යයක” සිටින “තක්කඩියන් පිරිසකට” තමාව හිසරදයක් වූ බැවින් තමා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිධුරයෙන් “අනීතික ලෙස” ඉවත් කර දැමූ බව සමඟි ජන බලවේගයේ ආර්ථික ගුරු යැයි පවසා ගන්නා පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි – රට “බංකොලොත්” යැයි ප්‍රකාශයට පත්වීමට මූලික හේතුව වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය පැහැර හැරීම වෙනුවෙන් මූලිකවම පෙනී සිටි චරිතයක් ලෙස මේ හර්ෂ ද සිල්වා ම හැඳින්විය හැකි බව ද සිහිපත් කළ යුතුය.
  10. සෞඛ්‍ය අංශයේ සිටින සේවකයන්ගේ වැටුප් සියයට 15 කින් කපා දැමීමට රජය සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි – මෙම කප්පාදුව සඳහා උපදෙස් ලබා දෙමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද චෝදනා කරයි – සමස්ත සෞඛ්‍ය පද්ධතියම අර්බුදයකට මුහුණ දී ඇති බව ද අවධාරණය කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan