අධිවේගී මාර්ග කිහිපයක සංවර්ධනය කොට උඩ

Date:

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා කියා සිටින්නේ, මුදල් නොමැතිකම හේතුවෙන් අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බවයි.

මෙසේ නතර වී ඇත්තේ රුවන්පුර අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගයේ දඹුල්ල කොටස සහ නුවර කොටස්වල ඉදිකිරීම් ය.

ඔහු සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදි කිරීම් කටයුතු ඉතා සෙමින් කරගෙන යන බවත් එහි වැඩ කටයුතුද සක්‍රිය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පසුව බවත්ය.

වීරකෝන් මහතා තවදුරටත් සඳහන් කළේ මුදල් ප්‍රශ්න හේතුවෙන් මාර්ග ඝනකමට කාපට් ඇතිරීමද නතර කරනු ලැබ ඇති බවත් යම් මාර්ගයක කාපට් කරන දුර ප්‍රමාණද අඩු කර ඇති බවයි.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාර්ග ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල අහස උසට නැග ඇති බවත් ආර්ථික තත්වය හේතුවෙන් ඉදිකිරීම් අමුද්‍රව්‍ය විදේශයෙන් ගෙන්වීමද නතර කර ඇති බවයි.

මේ හේතු සියල්ලම නිසා, රටපුරා මාර්ග බොහොමයක් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා අබලන් තත්වයට පත්ව ඇති බවද වාර්තා වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය...

‘ටෙහෙරානයේ හදවතට’ ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂක ඇමති නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

සභා 200ක් මාලිමාව අතේ!

කොළඹ LNW:පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව මේ වන...