ඉන්දියාවේ සමීපතම රටවල් සඳහා චීනය ලබාදී ඇති ණය සම්බන්ධයෙන් ඇමරිකාවේ දැඩි අවධානය

Date:

ශ්‍රී ලංකාව සහ පකිස්තානය වැනි ආසියානු රටවලට විශේෂයෙන්ම ඉන්දියාවේ සමීපතම රටවල් සඳහා චීනය ලබාදී ඇති ණය සම්බන්ධයෙන් අමෙරිකාවේ දැඩි අවධානය යොමුව තිබෙන අතර එම ණය චීනය විසින් බලපෑම් එල්ල කළ හැකි බලයක් ලෙස භාවිත කළ හැකිදැයි අවධානයෙන් සිටින බව අමෙරිකාව පවසයි.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවට සහ පකිස්තානයට ලබා දී ඇති චීන ණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කල ගැටළුවකදීයි.

ඉන්දීයාවේ සමීපතම රටවල් සඳහා සිය තීරණ ගැනීමේදී සහය විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඉන්දියාව සමග මෙන්ම එම රටවල් සමග ද සාකච්ඡා කරන බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ. එම සාකච්ඡා චීනය ඇතුළු ඕනෑම බාහිර හවුල්කරුවෙකු විසින් බලපෑම් කළ හැකි තීරණ සම්බන්ධයෙන් නොවන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඉන්දියාවේ සංචාරයකට සූදානම් වනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ මාර්තු 01 වන දා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාවට පැමිණීමට නියමිත බවයි. එහිදී ඔහු ඨ20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊට අමතරව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අතර දෙරටෙහි සබඳතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ණය බරින් සහ ආර්ථිකය කඩා වැටීමේ අභියස සිටින පකිස්තානයට චීනය ඊයේ තවත් මූල්‍ය ප්‍රදානයක් සිදුකර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ චීන සංවර්ධන බැංකුව විසින් පකිස්තානයේ රාජ්‍ය බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් ලබාදී ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...