“සිනමා ජාතික ප්‍රතිපත්තිය”අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

රාජ්‍ය සිනමා උපදේශක මණ්ඩලය විසින් සම්පාදිත “සිනමා ජාතික ප්‍රතිපත්තිය” එම උපදේශක මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (24) අරලියගහ මන්දිරයේ දී පිළිගන්වන ලදි.

සිනමා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ මූලික අරමුණ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට නියාමන අධිකාරිය පිහිටුවීම බව රාජ්‍ය සිනමා උපදේශක මණ්ඩලයේ සභාපති ගාමිණී වේරගම මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළේය.

චිත්‍රපට කර්මාන්තය කර්මාන්තයක් ලෙස ශක්තිමත් කරමින් නිදහසේ වර්ධනය වීමට පරිසරය සැලසීම, පහසුකම් සැලසීම, ප්‍රමිතීන්, නිර්ණායක නිර්ණය කිරීම සහ ලාභාංශ සියලු පාර්ශව වෙත අගතියකින් තොරව බෙදී යාමට ඉඩහසර සැලසීම ඇතුළු අරමුණු දහයක් ඊට මූලික වශයෙන් ඇතුළත් කර ඇත. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය සිනමා උපදේශක මණ්ඩලය නියෝජනය කරමින් සභාපති ගාමිණී වේරගම, ජයන්ත චන්ද්‍රසිරි, අරුණ ලොකුලියන, නදීකා ගුණසේකර, අරුණ ගුණරත්න, රාජ් රණසිංහ මහත්ම මහත්මීහු සහ අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...