ඩීසල් හිඟය අදත් තිබුණොත් බස් සේවාව සම්පූර්ණයෙන්ම නවතීවි – ගැමුණු (VIDEO)

Date:

මේ වනවිට දින කිහිපයක් තිස්සේ උද්ගතව ඇති ඩීසල් හිඟය අද (25) දිනයේත් පැවතුණහොත් පෞද්ගලික බස් රථ සේවාව සම්පූර්ණයෙන්ම නතර වියහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

“අද (24) වනවිටත් ලංකාව පුරා බස් රථ ධාවනය වෙන්නේ 25% – 35% ත් අතර ප්‍රමාණයක්. ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නෑ. ඉන්ධන නොමැති වීම නිසා ඉන්ධන තියෙන තැන්වලත් පෝලිම් තියෙනවා. ඒ නිසා බස් රථවලට ඉන්ධන නොමැතිව මුළු ලංකාව පුරාම ඉන්න බස් රථ හිමිකරුවන් මට දිගින් දිගටම දැනුම් දුන්නා බස් ධාවනය කරන්න හැකියාවක් නැහැයි කියලා. මේ මොහොත වනවිටත් අපේ බස් රථවලට ඉන්ධන ලබාගත නොහැකිව බරපතළ අර්බුදයකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා හෙට වෙනකොටත් තිබුණොත් බස් සේවාව පූර්ණ වශයෙන්ම අඩාල වීමට ඉඩ තියෙනවා”

ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...