ඩීසල් හිඟය අදත් තිබුණොත් බස් සේවාව සම්පූර්ණයෙන්ම නවතීවි – ගැමුණු (VIDEO)

Date:

මේ වනවිට දින කිහිපයක් තිස්සේ උද්ගතව ඇති ඩීසල් හිඟය අද (25) දිනයේත් පැවතුණහොත් පෞද්ගලික බස් රථ සේවාව සම්පූර්ණයෙන්ම නතර වියහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

“අද (24) වනවිටත් ලංකාව පුරා බස් රථ ධාවනය වෙන්නේ 25% – 35% ත් අතර ප්‍රමාණයක්. ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නෑ. ඉන්ධන නොමැති වීම නිසා ඉන්ධන තියෙන තැන්වලත් පෝලිම් තියෙනවා. ඒ නිසා බස් රථවලට ඉන්ධන නොමැතිව මුළු ලංකාව පුරාම ඉන්න බස් රථ හිමිකරුවන් මට දිගින් දිගටම දැනුම් දුන්නා බස් ධාවනය කරන්න හැකියාවක් නැහැයි කියලා. මේ මොහොත වනවිටත් අපේ බස් රථවලට ඉන්ධන ලබාගත නොහැකිව බරපතළ අර්බුදයකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා හෙට වෙනකොටත් තිබුණොත් බස් සේවාව පූර්ණ වශයෙන්ම අඩාල වීමට ඉඩ තියෙනවා”

ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...