අපේ ජනතාව ඉඩම්වලින් එළවනවා. තවදුරටත් මේක ඉවසන් ඉන්න බෑ – ශානක්කියන් (VIDEO)

Date:

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය, මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව දෙමළ ජනතාව පරිභෝජනය කරන ඉඩම් උදුරාගෙන වෙනත් පුද්ගලයින්ට බෙදාදෙමින් සිටින බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා චෝදනා කරයි.

“තවදුරටත් අපට මේක ඉවසන් ඉන්න බෑ. මහවැලි අධිකාරියෙන් අපේ හරක් ගාල්කරලා තියෙන, හරක් ඇතිකරන ඉඩම් බෙදලා දෙනවා අක්කර 3 – 5 බැගින් නැගෙනහිර ආණ්ඩුකාරතුමිය. වන සංරක්ෂණ එකට අයිති ඉඩම් කියලා අවුරුදු පහනක් – හැටක් තිස්සේ පොඩිවල කවුපි, මුං ඇට හිටවපු ඉඩම් එකවැර ඕගොල්ලන් මෙතනින් නැගිටලා යන්න කියලා ඒ මිනිස්සු අහක් කරනවා. ගරු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ආරාධිත අමුත්තා හැටියට ඇවිල්ලා වනජීවී එකට අයිති ඉඩම් මිනිස්සු පනස් දෙනෙක්ට අක්කර තුන බැගින් බෙදලා දෙනවා. ඊට අමතරව අපි දැක්කා පෙරේදා මන්නාරමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කෙනෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති ගල්වගයක් ලොරියක දාන් යනවා. ඉතිං ඒක පිළිගන්න බෑ. අපි වෘත්තීය සමිතියක්වත්, ශාඛා සමිතියක්වත්, මරණාධාර සමිතියක්වත් නෙවෙයි. මෙතන ජනතා ඡන්දයෙන් තේරී පත්වෙච්ච මන්ත්‍රීවරුන් 13 දෙනෙක් ඉන්නවා. මේ මන්ත්‍රීවරුන් 13 දෙනාම ගත්ත ඡන්ද ටික එකතු කළොත් ලක්ෂ 15කට කිට්ටු ඡන්ද තියෙනවා. අපි ලක්ෂ 15ක් ජනතාවකගෙ නියෝජිතයෝ කියන එක ජනාධිපතිතුමායි ලේකම්වරුයි මතක තියාගන්න ඕනෙ”

රාසමානික්කම් ශානක්කියන් මහතා මේ බව පැවසුවේ ඊයේ (24) දෙමළ පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...