ඉන්දුනීසියාවේ වෙරළ කලාපය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. අද උදෑසන සිදු වූ මෙම භූකම්පනයේ ප්‍රබලත්වය සටහන්ව තිබෙන්නේ රිච්ටර් මාපාංක 6.2 ක් ලෙසයි.
මෙම භූකම්පනයේ බලපෑම් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව තවත් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම භූකම්පන තත්වය අසල්වැසි සිංගප්පූරුවට සහ මැලේසියාවටද දැනී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
UN