රුසියාව යුක්රේනය වටකර පහර දෙයි – යුක්රේන පිරිමින්ට රටින් පිටවීම තහනම්

Date:

යුක්රේනය ආක්‍රමණය කළ රුසියානු හමුදා යුක්රේන අගනුවර වන කිව් නගරය අත්පත් කර ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඊයේ අළුයම රුසියානු හමුදා යුක්රේනයට ඇතුළු වූ අතර ඔවුන් ප්‍රදේශ තුනකින් ඇතුළු වී දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

යුක්රේන රජයේ වාර්තාවලට අනුව පුද්ගලයන් 137 ක් මියගොස් තිබේ. ඒ අතර යුක්රේන හමුදා සාමාජිකයන් මෙන්ම සිවිල් පුද්ගලයන්ද සිටින බවයි වාර්තා වන්නේ.

කිව් අගනුවරට කිලෝමීටර් 130 ක දුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය තිබූ ප්‍රදේශ​ය අත්පත් කර ගැනීමට රුසියානු හමුදා සමත්ව සිටී. ඒ අනුව රුසියානු හමුදා මේ වනවිට සිටින්නේ කිව් අගනුවර පෙනෙන තෙක් මානයේයි. කිව් අගනුවර අත්පත් කර ගැනීමට සමත් වුවහොත් එය රුසියාව ලබන විශාල ජයග්‍රහණයක් වනු ඇත.

මේ වනවිට කිව් අගනුවර පදිංචිකරුවන් වහ වහා අගනුවරින් පිටව යමින් තිබෙන අතර මේ නිසා කිව් අගනුවර සිට දිවෙන මාර්ගවල දැඩි වාහන තදබදයක් පවතිනවා.

මේ වනවිට ලක්ෂයකට ආසන්න පිරිසක් යුක්රේනහ හැරගොස් තිබෙනවා. පවත්නා තත්වය හමුවේ අවුරුදු 18 ඉක්මවූ පිරිමි පුද්ගලයන්ට රට හැරයාම තහනම් කිරීමට යුක්රේන ජනාධිපති ව්ලොදොමීර් සෙලෙන්ස්කි පියවර ගෙන තිබෙනවා. මාර්ෂල් නීතිය යටතේ මෙම තීරණය ගෙන තිබේ.

රුසියාවේ ක්‍රියාකලාපය හෙළා දකිමින් ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතය. රුසියානු හමුදා වහාම යුක්රේනයේ පිටවිය යුතු බව අදාල යෝජනාවේ සඳහන්ව තිබේ.

රුසියාව සඳහා පැනවූ සම්බාධක තවදුරටත් දැඩි කිරීමට බටහිර රටවල් රැසක් පියවර ගෙන තිබේ.ෙ

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...