පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකර ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නොමැති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා. එම ආයතනය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.
අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙන්නේ සත්‍ය හෙලිදරව් වීම පමා වීම පමණක් නොව සත්‍ය සැඟවීමට උත්සාහ ගන්නා බවට සැකයක් මතුව ඇති බවයි. දේශපාලන වාසි සඳහා මෙම ඝාතනය ප්‍රයෝජනයට ගැනීමේ හා ප්රශ්නය සංකීර්ණ කිරිමේ උත්සාහයක් පිළිබඳවද රදගුරු සම්මේලනය පෙන්වා දෙනවා.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේහ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කතෝලික රදගුරු සම්මේලනය මවිතයටත් කණගාටුවටත් පත්වන බවද අදාල නිවේදනයේ සඳහන් වේ.
UN