ලංකාව බලවතුන්ගේ යටත්විජිතයක් වී ඇති ආකාරය කොළඹ වරායෙන් පේනවා – පෙ.ස.ප.

Date:

ලංකාව සහ ලංකාවේ වරායන් ඇතුළු ජනතා දේපල ලෝක බලවතුන්, කලාපීය බලවතුන්, අධිරාජ්‍යවාදීන් පමණක් නොව විදෙස් සමාගම් පවා භාවිතා කරන ආකාරයෙන් ඔවුන් ලංකාව සලකන්නේ සිය යටත් විජිතයක් ලෙස බව පැහැදිලි වන්නේයැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සහ ජයා බහාලුම් පර්යන්තය පුළුල් කිරීමේ කටයුතු සඳහා වැලි ගෙනෙන වීඩියෝ සහ ඡායාරූපමය සාක්ෂි ඉදිරිපත් කරමින් පෙබරවාරි 25 අවත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තු ලබාගෙන සිටියේ CHEC හෙවත් China Harbor Engineering Company සමාගම. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සහ ජයා බහාලුම් පර්යන්තය පුළුල් කිරීමේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ගත්තේත් එම සමාගමමයි.

මෙම කොන්ත්‍රාත්තු සඳහා මෙම සමාගමට වරාය අධිකාරිය සහ රජය අදාළ මුදල ගෙවනවා. එම මුදලට ඉදිකිරීම් ද්‍රව්‍ය වල වියදමත් ඇතුලත්. ඒ වගේම වැලි ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍ය සපයා ගන්නා ආකාරය පිළිබඳවත් කොන්ත්‍රාත් ගිවිසුම් වල සඳහන් වෙනවා. අප දන්නා ආකාරයට මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය වැලි ලබා ගැනීමට නිර්දේශ කර තිබෙන්නේ මුතුරාජවෙල ප්‍රදේශය. නමුත් මෙම සමාගම එම වැලි වෙනුවට සිය වැලි ලබා ගැනීම වරාය නගරයෙන් සිදු කරනවා. ඒ නීතියට පටහැනිව. දැනට මසකට වැලි කියුබ් 4000ක් පමණ, එනම් රුපියල් මිලියන 90ක් පමණ වටිනා වැලි වරාය නගරයේ සිට කොළඹ වරායට ගෙනෙනවා. ඒ හරහා ප්‍රවාහන වියදම් ආදිය ඉතිරි කර අගනීමට අපේක්ෂා කරනවා විය හැකියි.

නමුත් මේ හරහා ප්‍රශ්න ගණනාවක් මතු වෙනවා.පළමුවැනි ප්‍රශ්නය වරාය නගරයේ තිබෙන වැලි පිටතට ගෙනියන්න පුලුවන්ද? ඒ ගැන වරාය නගරය සමාගම දැනුවත්ද? අනෙක බලපත්‍ර නැති නීති විරෝධී වැලි ලොරි වලට වරායට ඇතුළු වීමට වරාය ආරක්ෂක අංශ ඉඩ දෙන්නේ කොහොමද? ඒ වගේම මේ ගේන්නේ මුහුදු වැලි. කොන්ක්‍රීට් ඇතුළු ඉදිකිරීම් සඳහා මුහුදු වැලි භාවිතා කරන්නේනම් ඒවා පිරිපහදු කර , නැවත සකස් කර යොදාගත යුතුයි. මේ වැලි එලෙස සකස් කළ ඒවාද? මෙම ඉදිකිරීම් සඳහා උපදේශන සේවා සපයන CECB රාජ්‍ය සමාගම ප්‍රමිතියට වග කියනවාද? නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන්නානම් හරි, ලංකාවෙන් කරන්න ගිහින් ප්‍රමිතිය නැතිවුනා කියලා පසුව කියන්න ඉඩ තියෙනවා. ඊළඟ ප්‍රශ්නය තමයි වරාය නගරය සඳහා මුහුදු වැලි හාරන්න ඉඩ දුන්නේ නිශ්චිත ප්‍රමාණයකට. එහෙමනම් මෙතරම් අතිරික්ත වැලි තොගයක් තියෙන්නේ කොහොමද? වැඩිපුර මුහුද හෑරුවාද?

දැනටමත් වරාය නගරය ඉදි කිරීම නිසා මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වීම, වෙනත් ප්‍රදේශ වල සමුද්‍ර ඛාදනය, දියවැල් වල ගමන්මග වෙනස්වීම නිසා මත්ස්‍ය ඵලදාව අඩුවීම වැනි ප්‍රතිවිපාක අත්වී තිබෙනවා. අවශ්‍ය ප්‍රමාණය සහ අනුමත ප්‍රමාණය ඉක්මවා පරිසරයට විනාශයක් සිදු කර තිබේදැයි සෙවිය යුතුයි. ඊළඟ ප්‍රශ්නය තමයි මසකට රුපියල් මිලියන 90ක වැලි ගෙනෙද්දී එම වටිනාකමට අදාළ වැට් බදු ආදිය ගෙවනවාද? රජයට විශාල බදු ආදායමකුත් අහිමි වෙනවා. පොඩි දරුවන සඳහා අවශ්‍ය ළදරු ආහාර වල සිට ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල සිට පාසල් උපකරණ දක්වා හැම දෙයකටම බදු ගහන ආණ්ඩුව මේ බදු වංචා ගැන නිහඬයි.මේ සමාගම් ලංකාවේ නීතිය තඹයකට නොසලකා මේ විදියට හැසිරෙන්නේ කොහොමද? ඒ අය හිතාගෙන ඉන්නේ ලංකාව යටත් විජිතයක් කියලාද?

දැන් ලෝක බලවතුන්, කලාපීය බලවතුන් සහ අධිරාජ්‍යවාදීන් සිය න්‍යායපත්‍ර වලට ලංකාව අවනත කර ගනිමින් ඉන්නවා. මේ සමාගම් වල ආකල්පය හැදෙන විදියට මේ දේශපාලනය සම්බන්ධයි. ජනතාව මේ දේශපාලනය වෙනස් කිරීමට පියවර ගත යුතුයි. නැතිනම් මේ වගේ විගඩම් හැමදාමත් කරලිගත වේවි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...