සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 26,(LNW)කොළඹ :
පකිස්තානය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ලොව අනාරක්ෂිතම රටක් හැටියට පිළිගැනෙයි.ඊට බල පෑ ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එ‘රටදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයයි.ඉනික්බිති වෙනත් රටවල් එරට සංචාරය කිරීමට අකමැති විය.එම තරග නොමැති නියඟය නිමා කරමින් පළමු වරට එරට සංචාරය කළ කණ්ඩායම වීමේ කීර්තිය උපයා ගන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමය.එසේම ඒ මොහොතේ ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම ලෙස සිටි පකිස්තානය පරාජය කරන්නටද ශ්‍රී ලංකාවට හැකි විය.
ඉනික්බිති ඉබි ගමණෙන් නැවත ජාත්‍යන්තරයට දොර විවර වූ ක්‍රිකට් සමඟ පකිස්තානයට තිබුණේ පහසු ගමණක් නොවීය.ක්‍රිකට් රටට ආදායමක් උපයන තත්ත්වයෙන් දුප්පත් වෙමින් තිබෙද්දී යළිත් ක්‍රිකට් පකිස්තානු ක්‍රිකට් ලෝලීන්ගේ හදවතට ඇහෙන්ම විඳ දරා ගන්න අවස්ථාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් කර දුන්නේය.
ඒ චැම්පියන්ස් කුසලානය පකිස්තානයේ පැවත්වීමට අවසර දීමෙන්ය.එහෙත් එහිදී පස මිතුරු ඉන්දියාවය පකිස්තානයට ආශිර්වාද කළ ද,ඉන්දීය ක්‍රිඩකයන්ගේ ආරක්ෂාව සළකා තරගාවලියට නොපැමිණෙන බව කීවේය.ඒ නිසා ඉන්දියාව සහභාගි වන තරග වෙනත් රටක පැවත්වීමට තීරණය විය.
මේ මොහොතේ ක්‍රියාත්මක වන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගවල වැඩි තරග ප්‍රමාණයක් අප නරඹන්නේ පකිස්තානය කේන්ද්‍ර කරගෙන පවත්වන තරග හැටියටය.මේ අයිසීසී ය දුන් සුවිශාල අවස්ථාව ලැබෙන විටම එය පකිස්තානය ලැබූ සොඳුරුතම ජයග්‍රහණයක් වී හමාරය.ඒත් ඒ ජයග්‍රහණය කණ්ඩායමට සුබදායී ජයග්‍රහණ සහිත එකක් කර ගැනීමට පකිස්තානු ක්‍රීඩකයෝ අසමත් වූහ.
බොහෝ විට රටක ක්‍රීඩාව රටකට ජයග්‍රහණ ගෙන එන්නේ ක්‍රීඩකයන්ගේ කුසලතා අනුව එරට ලබන ජයග්‍රහණ අනුවය.එහෙත් මෙම චැස්පියන්ස් කුසලාන තරගාවලියේ දී පනිස්තාන භූමිය නැවත ක්‍රිකට්වලට සූදානම් බව පෙන්වීම සහ එම තණතීරුවල ඇති තරගකාරී ලකණු සටහන් පකිස්තානයට වැසී තිබුණු ජාත්‍යන්තර දොරවල් නැවත ඇර දෙන මොහොතක් වී ඇති බැවින් ලෝකයම එකඟ වූ පකිස්තානයටම එකතු විය හැකි පකිස්තානු ජයක් හැටියට චැම්පියන්ස් කුසලාන තරගාවලය අරුත් ගැන්විය හැකිය.
