ආනයනික පළමු වාහන තොගය අද දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 26, කොළඹ (LNW):

අද (26) සහ හෙට (27) දිනයන්හිදී, වාහන ආනයනයට අවසර දීමෙන් පසුව ශ්‍රී ලංකාවට එන පළමු නැව් දෙක මෙරටට පැමිණීමට නියමිතය. අලුත් ම කැබ් රථ වාහන සමග තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට එන පළමු නැව කොළඹ වරායට අද පැමිණීමට නියමිතයි.

ජපානයේ සිට එන පළමු නැව හෙට(27) හම්බන්තොට වරායට පැමිණීමට නියමිතය.

මෙම නැව තායිලන්තයේ සිට කැබ් රථ සමග මෙරටට පැමිණීමට නියමිත අතර ආර්ථිකයේ ඇති වූ අර්බුද හේතුවෙන් 2021 වසරේදී වාහන ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළ පසු එන පළමු නැව මෙයයි.

ආනයනකරුවෝ සඳහන් කර සිටින්නේ, මිල දක්වන්නේ නැතිව වාහන විකුණන අයගෙන් පාරිභෝගිකයන් ප්‍රවේශම් විය යුතු බවයි.තවද ලංකාවේ භාණ්ඩයක් ප්‍රදර්ශනය කරන විට එහි මිල දර්ශනය තිබිය යුතු බව ත් ඒ ඒ මාදිලියට අදාළ මිල පැහැදිලිව පෙන්විය යුතු බව ත් ආනයනකරුවෝ කියති.වාහනවල මිල නැතිව ප්‍රචාරණ කරන්නන් ගැන පාරිභෝගික කටයුතු අධිකාරිය බලාගෙන සිටින බව ත් වැඩි මිලට වාහන විකිණීමට කිසිවෙකුට නොහැකි බව ත් ආනයනකරුවෝ පෙන්වා දෙති.

1969 අංක 1 දරන ආනයන අපනයන පාලක නියාමන පනත යටතේ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අස්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව ගෘහස්ථ පරිභෝජනය සඳහා වාහන ආනයනය කෙරෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...