නාමල් ප්‍රකාශය ලබාදී CID යෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම ප්‍රකාශය ලබාදී පිටව ගොස් තිබේ.

ඔහු අද (පෙබරවාරි 26) පෙරවරු 09.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට කැඳවා තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව බව සඳහන්.