එලොන් මස්ක්ගේ පුරවැසිභාවය අහෝසි කිරීමට කැනේඩියානුවන පෙත්සමක් අත්සන් කරයි.

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනේඩියානු පුරවැසියන් සහ පදිංචිකරුවන් 250,000 කට වැඩි පිරිසක් එලොන් මස්ක්ගේ පුරවැසිභාවය සහ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කරන ලෙස කැනඩාවෙන් ඉල්ලා සිටින පාර්ලිමේන්තු පෙත්සමකට අත්සන් කර ඇති බව වාර්තා වේ.

ප්‍රකෝටිපති එලෝන් මස්ක් දකුණු අප්‍රිකාවේ, කැනඩාවේ සහ එක්සත් ජනපදයේ පුරවැසියෙකු වන අතර ලබන මාසයේ සියලුම කැනේඩියානු ආනයන සඳහා 25% තීරුබදු අය කිරීමට සැලසුම් කර ඇති සහ 51 වන ප්‍රාන්තය ලෙස රට ඈඳා ගැනීමට යෝජනා කර ඇති එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මස්ක්ගේ සමීප සම්බන්ධය හේතුවෙන් මෙම පෙත්සම අත්සන් කිරීම ආරම්භ වී තිබේ.

පෙත්සම් කරුවන් විසින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ වෙත යොමු කරන ලද මෙම පෙත්සම මඟින් එලොන් මස්ක්ගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරන ලෙසත්, ඔහුගේ කැනේඩියානු විදේශ ගමන් බලපත්‍රය වහාම අවලංගු කරන ලෙසත් ඉල්ලා සිටියි.

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා ප්‍රාන්තයේ උපත ලද මස්ක් මීට පෙර පවසා ඇත්තේ තමා නව යොවුන් වියේදී කැනඩාවේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ කැනඩාවේ උපත ලද තම මව වන මයේ මස්ක් හරහා බවයි. ඉන් අනතුරුව මස්ක් එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගෙන ඇත්තේ ශිෂ්‍ය වීසා මත එක්සත් ජනපදයට පැමිණ දශකයකට පසුවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...